Cabinet Gossip Government Latest News Politics Popular President

කැබිනට්ටුවේ මත ගැටුම් උග්‍ර වෙයි! ජනපතිගෙන් රවීට කනේ පාරක්!!! (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (24) උදෑසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ලොතරයි මිල ඉහළ දැමීම සදහා ඉදිරිපත් කල කැබිනට් මණ්ඩල යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
තමන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට සහභාගී නොවූ බවත් ඒ අතරතුරදී කැබිනට් මණ්ඩලය විසින් ලොතරයි මිල වැඩි නොකිරීමට තීරණය කිරීම යුක්ති සහගත නොවන බව ප්‍රකාශ කරමින් මුදල් අමාත්‍යවරයා විසින් ලොතරයි මිල ඉහළ දැමීමට අදාල විශේෂ වාර්තාවක් කැබිනට් මණ්ඩලය යොමුකර තිබේ.
එහිදී ජනාධිපතිවරයා විසින් තමන්ද ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පසුගිය කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් වෙනස් කිරීමට කිසිවෙකුටත් නැවත් ඉල්ලීම් කල නොහැකි බව දැඩිව අවධාරණය කර තිබේ.
ලොතරයි අලෙවිය හරහා සෘජුව 2000 පමණද වක්‍රව 20000 පමණද ජනතාව ජීවත්වන බවත් ඔවුන් අතරින් බහුතරය ඉතා දිළිදු හා ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් බව කැබිනට් මණ්ඩලයට පැහැදිලි කර දී තිබේ. එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග අඩාල වන පරිදි තීරණ ගැනිමට තමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය කිසි විටෙකත් සූදානම් නොවන බව ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කර තිබේ.
පවතින තත්වය යටතේ මුදල් අමාත්‍යංශයට නොබැන සිටින්නේ අන්ධ, ගොලු සහ බිහිරි අබාධිත ජනතාව පමණක් බවත්, මෙවැනි තීරණ හරහා ඔවුන්ද ආණ්ඩුවට විරුද්ධව පාරට බහින තැනට පත්ව ඇති බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රටේ මිනිසුන්ගේ හැගීම් වටහාගෙන ආණ්ඩුව පවත්වාගෙන යායුතු බව දැඩිව අවධාරණය කර තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයේ භාන්ඩාගාරිකයා වශයෙන් සැලකෙන තංගල්ලේ ජගත් නමැති පුදගලයෙකුට අයත් R&G නමැති ඉදිකිරීම් සමාගමකට රුපියල් මිලියන 4500 මුදලක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහ තවත් අමාත්‍යවරුන් රැසකගේ දැඩි විරෝධය හමුවේ ඉවත් කරගෙන තිබේ.
සුප්‍රකට නිළමේ වරයාගේ සිදුවීමට සම්බන්ධ දිල්ෂාන් ගුණරත්න බස්නායක නිළමේවරයා විසින් අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් කල ඉල්ලීමකට අනුව මෙලෙස තංගල්ල ජගත්ට මෙම මුදල නිදහස්කර දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
එලඹෙන 27 වනදා නුගේගොඩ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට මැති ඇමතිවරුන් මිලදී ගැනීමේ මූලිකම බරපැන දරන්නේද තංගල්ල ජගත් විසින් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *