Latest News Local News

පාස්කු ප්‍රහාරකයන්ගේ වත්කම් නිදහස් කරන්න මහින්ද ඩීල් දමයි.

අප්‍රියල් 21 වනදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ දේපළ මේ වනවිට ශ්‍රී ලංකා රජය සතුව පවතී. සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරය සිදුකල ප්‍රකෝටිපති ව්‍යාපාරික පුත්‍රයින් අතරින් ඉන්ෆාස් අහමඩ් ඊබ්‍රහීම් සතුවූ රුපියල් කෝටි 40කට අධික මුදල් සහ ස්ථාවර වත්කම් මේ අනුව රජය සතුව පවතී.

මරාගෙන බෝම්බකරු වූ ඉන්ෆාස් අහමඩ් ඊබ්‍රහීම්ගේ බිරිඳගේ පියා වන අලව්දීන් නමැති කෝටිපති රත්‍රන් ව්‍යාපාරිකයා මීට දින දෙකකට ඉහතදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති අතර එහිදී රජය විසින් රඳවාගෙන ඇති සිය පවුලට අයත් දේපළ මුදාහැරීමට එකඟ වන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නැගෙනහිර පළාතේ මැතිවරණ මෙහෙයුමේ වගකීම තමා විසින් දරන බව ඔහු එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර ඇත.

දෙදෙනා අතර පැවති සාකච්ජාවේදී ඉන්ෆාස් අහමඩ් බොම්බකරුගේ මාමාගේ ඉල්ලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟ වී ඇති අතර ඒ අනුව ඔහු විසින් නැගෙනහිර පළාතේ මුස්ලිම් ගම්මාන වල ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කඩිනම් කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩිව කතා බහට ලක්කෙරුනු වැල්ලම්පිටියේ බෝම්බ කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල අයත් වන්නේද ඉන්ෆාස් අහමඩ් ඊබ්‍රහීම්ටයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහත ජනාධිපතිවරයා බවට පත්වූ වහාම මෙම දේපළ සියල්ල යලි ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයින්ගේ පවුල්වලට නිදහස් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *