Latest News Popular

වියත්මඟ සමුලුවට සහභාගීවීමට සල්මන් ඛාන් ශ්‍රී ලංකාවට

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළකිරීම සදහා ඉන්දීය සුපිරි නලූ සල්මන් ඛාන් මහතා එළඹෙන නොවැම්බර් මස 10 සහ 11 යන දෙදින ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.

සල්මන් ඛාන් මහතා කොළඹදී පැවැත්වෙන වියත්මඟ සමුළුවක් ඇමතීමටද නියමිත අතර ඉන් පසුව ගම්පහ, නිකවැරටිය සහ රුවන්වැල්ල යන ප්‍රදේශවල ජන හමු ඇමතීම සදහාද නියමිතව ඇත.

සල්මන් ඛාන් මහතා සමඟ ලෝක ප්‍රසිද්ධ බොලිවුඩ් නිළී ජැකලින් ෆර්නෑන්ඩස් මෙනවියද වියත්මඟ සමුලුව සදහා සහභාගී වේ.

2015 ජනාධිපතිවරණයේදීද ශාරුක් ඛාන් මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජනරැළි සදහා සිය සහයෝගය ලබාදුන් අතර ඒ සදහා මූලිකත්වය ගෙන ක්‍රියාකලේ නාමල් රාජපක්ෂ මැතිතුමන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *