Latest News Popular

ගෝඨාභයට සහාය දෙන්නැයි ඇමරිකාව තොන්ඩමන්ට කියයි.

නොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්තානයේදී අද (13දා) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි තොණ්ඩමන් මහතා මෙම තීරණය දැනුම් දුන්නේය.

පසුගිය ඔක්තෝම්බර් පළමුවනදා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙකු හමුවී සිදුකල දීර්ඝ සාකච්ජාවකින් පසුව ආරුමුගන් තොන්ඩමාන් මහතා මෙම තීරණයට එළඹී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එක්සත් ජනපද නියෝජිතයින් විසින් එළඹෙන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන ලෙස තොන්ඩමාන් මහතාට දැනුම් දුන් බවත් වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *