Corruption Latest News

නාගානන්ද රුපියල් මිලියන ගණනක් වංචා කොට ජනපති සටනෙන් ඉවත්වෙයි

පසුගිය කාලයේ විකල්ප දේශපාලනය පිළිබඳ සාකච්ජාවේදී ප්‍රමුඛව කියැවුනු නමක් වන නාගානන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ලබාදී නොමැති බව වාර්තා වනවා.

ඔහු පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමයෝජනා භාරදිය යුතු වුවද ඔහුට එසේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය හිමි නොවීම මත ඔහුට ඉවත්වීමට සිදුවී ඇතැයි පැවසේ. ඔහු විශාල මුදලක් ගෙවා පක්ෂයක් මිලදී ගැනීමට උත්සාහ කල බවටද චෝදනා එල්ල වනවා.

නාගනන්ද මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රටපුරා පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් රැස්කිරීමක් සිදුකල අතර එම මුදල් නාගනන්ද මහතාගේ පෞද්ගලික ගිණුමකට රැස් කර ඇත.

ඊයේ දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී තිබූ කාලය අවසන් වූ මොහොතේ සිට නාගනන්ද කොඩිතුවක්කුව සම්බන්ධ කර ගැනීමට බොහෝ දෙනෙකු උත්සාහ කලද ඔහු දුරකතනය විසන්ධි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *