Latest News Politics

යෝෂිතගේ විවාහයට ප්‍රභල ජනතා විරෝධයක් (PHOTOS)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහය අද ඉතා උත්කර්ශවත් අන්දමින් කොළඹදී පැවැත්වුණා.

මේ වනවිට එම විවාහයේ ජායාරූප සමාජජාල වෙත නිකුත් වී ඇති අතර එම විවාහයට බොහෝ දෙනෙකුගේ විරෝධයක් එල්ල වනවා.

සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීම හරහා රුපියල් කෝටි ගණනක අයථා මුදල් ඉපයීම යන චෝදනාව මත යෝශිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ වැඩ තහනමට ලක්ව සිටි අතර ඔහුගේ විවාහයට නාවික හමුදා ඇදුමෙන් සැරසීමට අවැසි නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව නැවත සේවයේ පිහිටුවා උසස්වීමක්ද ලබාදෙන ලදි.

ඔහුගේ වර්ථමාන නිලය අනුව මෙම විවාහය සදහා යන පිරිවැය රජය විසින් දරණ බවද බොහෝ දෙනෙකු සමාජජාල තුල මත පළකල අතර එය මෙතෙක් තහවුරු වී නොමැත.

සිරිසේන රණවිරුවන්ට කල බරපතළ අපහාසයක්!

අයථා මුදල් ඉපයීමේ චෝදනා මත වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙකු පෞද්ගලික හේතූන් මත නැවත සේවයේ පිහිටුවා, ඉන් නොනැවතී උසස්වීම්ද ලබාදීම හරහා සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිය සිය පශ්චාත් භාගය පිරිසිදු කරන ටොයිලට් පේපරයක් තරමටත් වඩා පහළ තැනකට පත් කිරීමට කටයුතු කල බව නාවික හමුදා සාමාජිකයින් අතර දැඩිව කතා බහට ලක්වෙමින් පවතින බවද වාර්තා වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *