Latest News Politics

ගෝඨා ආවහම උද්ගෝෂණ නවත්වන රටම කැමති ක්‍රමය මෙන්න

රට පුරා වැඩවර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතී. දුම්රිය සේවකයින් වර්ජනය කිරීම නිසා දුම්රිය ධාවනය අත් හිටුවා ඇති අතර උඩරට දුම්රිය ස්ථාන රැසක් වසා දමා ඇත.

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ද වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර විශ්ව විද්‍යාල සියල්ලම පාහේ වසා දමා ඇත.

රාජ්‍ය පරිපාලන සේවා වර්ජනය, ගුරු – විදුහල්පති වර්ජනය නිසා සමස්ථ රාජ්‍ය සේවයම බිඳ වැටී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වියත්මඟ වෘත්තීයවේදී මණ්ඩලය සමඟ සුපුරුදු පරිදි පවත්වන දෛනික තත්ව සමාලෝචන රැස්වීමේදී මෙම ගැටලුව සාකච්ජා වී ඇති අතර ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට නව ක්‍රමවේදයක් හරහා වැඩවර්ජන සදහා මුහුණ දීමට සාකච්ජා වී තිබේ.

ඒ අනුව රටේ අත්‍යවශ්‍ය සේවාවන් වන දුම් රිය සහ බස් ධාවනය සදහා යුධ හමුදා සමාජිකයින් පුහුණු කරනු ලබන අතර හදිසි අවස්ථාවකදී එම සාමාජිකයින් යොදවා දුම්රිය සහ බස් රථ ධාවනය කිරීමට කටයුතු සූදානම් කෙරේ.

යම් රාජ්‍ය ආයතනයක හෝ විශ්ව විද්‍යාල වැනි අධ්‍යාපන ආයතන වල සාමාන්‍ය සේවකයින් (උදා ; විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ) වැනි පිරිස් විසින් වැඩ වර්ජන ප්‍රකාශයට පත් කර පැය 6ක් යාමට පෙර යුධ හමුදා අනුඛන්ඩයන් විසින් එම කාර්‍යාල වල පාලන භාරගෙන ජනතාවට අඛන්ඩ සේවයක් සැපයීමට හැකිවන පරිදි නෛතික රෙගුලාසි සකස් කිරීමට මෙම සාකච්ජාවේදී තීරණය වී තිබේ.

රජය අපහසුතාවයට පත් කෙරෙන වර්ජන සංවිධානය කරන පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් නීති ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි නව නීති හදුන්වා දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *