Corruption Latest News

නෙලුම් කුලුණේ දූෂණ ගැන මගේ පාලනය යටතේ ස්වාධීන පරීක්ෂණයක් පවත්වනවා – ගෝඨාභය (VIDEO)

නෙලුම් කුලුණ ඉදිකිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා වූ වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් අදාළ පාර්ශවයන්ට දැඩි දඩුවම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා “වියත්මඟ” විද්වත් මණ්ඩලය වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

ඊයේ නෙලුම් කුලුණ විවෘත කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ නෙලුම් කුලුණ ඉදිකිරීම සදහා 2012 වසරේදී රුපියල් බිලියන දෙකක (කෝටි200) අත්තිකාරමක් චීන සමාගමකට ගෙවා ඇති බවත් එම චීන සමාගම දැන් අතුරුදහන් වී ඇති බවත්ය.

නෙළුම් කුළුණෙනුත් ගසා කාලා

නෙළුම් කුළුණෙනුත් ගසා කාලා#lka #News1st #Colombo #ColomboLotusTower #LotusTower #President

Posted by Newsfirst.lk on Monday, September 16, 2019

Leave a Reply

Your email address will not be published. Required fields are marked *