Latest News Local News

ගෝඨාභයගේ කේන්දරයේ ගැටලු ගොඩයි… මන්ත්‍රීවරු මියයයි… කටවුට් කඬා වැටේ… රාජයෝග නෑ!!!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමඟ එම පක්ෂයට සහාය දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මියයාම අසුභ ලකුණක් බව ප්‍රවීණ ජෝතීර්වේදීන්ගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රභල ශක්තියක්ව සිටි සාලින්ද දිසානායක මහතා පසුගිය අගෝස්තු මාසයේදී හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගිය අතර පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සදහා පත්වීමට නියමිත්ව ඇත්තේ ජනාධිපති සිරිසේනට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පුද්ගලයෙකි.

දින දෙකකට ඉහතදී පා.ම චන්ද්‍රසිරි ගජධීර මහතාද හදිසියේම මිය ගිය අතර ඔහුද පොදුජන පෙරමුණට සහාය පළකල ප්‍රභලයෙකි.

මෙසේ මන්ත්‍රීවරුන් එකදිගටම මියයාම නිසා හිටපු ජනාධ්පති මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් දෛනිකව විශේෂ වෛද්‍ය පරීක්ෂණවලට ලක්කෙරෙන බවද වාර්තා වේ.

 

ගෝඨාභයගේ කටවුට් කඬා වැටේ.

මේ අතර මහරගම නගරයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරමින් ඉදිකර තිබූ තොරණක් කඬා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති අතර වාහන කිහිපයකටද අලාභ හානි සිදුවී තිබේ. විශාල වියදමක් දරමින් ඉදිකල මෙම ශක්තිමත් තොරණ් හිටි හැටියේ කඬා වැටීම අවාසනාවන්ත සිදුවීමක පෙරණිමිති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිකල තොරණ් කඬා වැටීම් කිහිපයක් වාර්තා වී තිබේ.

 

මහින්ද නැත්නම් සෙනඟ නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන රැස්වීම් සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන්නේ නම්, ඒ වැඩසටහන් සදහා සෙනඟ ගෙන්වා ගැනීම බරපතළ ගැටලුවක්ව ඇතැයි වාර්තා වනවා. කෙතරම් ඉහළ ප්‍රචාරනයක් ලබා දුන්නද මහින්ද රාජපක්ෂ මහතා නොපැමිනෙන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු මහජන පිළිගැනීමක් හෝ ආකර්ශණයක් හිමි නොවීම ගැටලුකාරී තත්වයක් බවයි අනාවරණය වන්නේ.

ගෝඨාභයගේ කේන්දරයේ රාජයෝග නෑ..

මින් පෙර ජනාධිපතිවරණ වලදි දේශපාලන පක්ෂ වලටත් කලින් කළ එළි බසන රාජපක්ෂ හිතවාදී ජෝතීෂ්‍ය කල්ලිය මෙවර නිහඬව සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උප්පත්ති කේන්ද්‍රයේ පවතින බරපතළ දෝශසහගත තත්වය නිසා බවයි අනාවරණය වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *