Latest News Politics

පොහොට්ටුව පරවී අලි සෙලවෙයි : ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසගත රැල්ලක් (ජායාරූප)

ඊයේ(18) පැවති ජාතික ජන බලවේගය සංවිධානයේ ජන රැළිය දේශපාලන ලෝකයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා.

අරක්කු සහ බත් පැකට් බෙදා දෙමින් පොදුජන පෙරමුණ විසින් සිදුකල ගෝල්ෆේස් ජන රැළිය සහ සසැදීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කල මෙම මහ ජන රැළිය සදහා ලක්ෂ පහක පමණ දැවැන්ත ජන ගංගාවක් පැමිණීම සමාජජාල මාධ්‍ය තුල දැඩිව කතාබහට ලක්ව ඇත.

කලක් පසුබෑමට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ මෙරට දේශපාලනයේ තීරණාත්මක ප්‍රධානතම ප්‍රවාහයක් බව මෙම ජනරැළියට පැමිණි ජනතාව විසින් තහවුරු කල බවයි දේශපාලන විශ්ලේෂකයින්ගේ මතය වී ඇත්තේ.

 

එක්සත් ජාතික පක්ෂය අනාථයි

එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකිවීම මත එම පක්ෂය දැඩි ලෙස අසරණ වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතාගේ හුණ්ඩු ගෙවල්, චම්පික රණවකගේ මෙගා පොලිස් නාඩගම් සහ ඉන්දියාවෙන් පිනට ලැබූ ගිලන් රථ සේවය හැරුණු කොට වර්ථමාන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කල කිසිදු සේවයක් නොමැති අතර එක්සත් ජාතික පක්ෂයෙන් කවර අපේක්ෂකයෙකු පැමිණියද ජයග්‍රහණය කිරීම සිහිනයක් පමණි.

එවන් තත්වයක් යටතේ කළකිරී සිටින මධ්‍යම පාන්තික ජනතාවගේ ආකර්ෂණය දිනා ගනිමින් ශක්තිමත් ජන බලවේගයක් ගොඩනැංවීම සදහා ජනතා විමුක්ති පෙරමුණට හොද අවස්ථාවක් උදා වී තිබෙන බව මහජනතාවගේ මතයයි.

2015 ජනවරම සමඟ යහපාලන ආණ්ඩුව පිස්සු නැටූවද මෙරට මධ්‍යස්ථ ජනතාව රාජපක්ෂලා සමඟ සංවාසයේ යෙදීමට සූදානම් නොමැති බව මෙම රැළියට පැමිණි ජනතාවගෙන් පෙනී ගිය බව කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කතිකාචාර්‍යවරයෙකු අප සමඟ ප්‍රකාශ කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *