Latest News Politics Popular

එජාපය සහ TNA අතර ෆෙඩරල් වෙනුවෙන් සංධානයක්

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සදහා එකඟ වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට සිය සහාය හිමිවන බව දෙමළ ජාතික සංධානය විසින් අමාත්‍ය මංගල සමරවීර මහතාට කල යෝජනාවට ඒ මහතා සිය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ දින 52 ආණ්ඩු පෙරළියේදී වාචික එකඟතාවයන් මත සිය සංධානයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නද, ඔහු පෙඩරල් ක්‍රමයක් පිළිබඳව හෝ දෙමළ ජාතික සංධානයේ ඉල්ලීම්වලට කන් නොදී සියලු බලයන් මධ්‍යම ආණ්ඩුව සතු කරගැනීමට උත්සාහ දරන බවට දෙමළ සංධානය චෝදනා කරයි.

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වයන් උසස් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනවරම හිමිවන බැවින් බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් සදහා ඔහුගේ එකඟතාවය ලබා ගැනීමට තමාට හැකිවනු ඇති බවයි මංගල සමරවීර මහතා දෙමළ සංධාන නායකයින්ට ප්‍රකාශ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *