Latest News Local News Politics

සජිත්ගේ ජනාධිපතිවරණ සටනත් දිලිත්ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රචාරණ කටයුතු දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මහතාට අයත් ට්‍රයිඇඩ් ප්‍රචාරණ සමාගමට ලබාදීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු භාරව ක්‍රියාකරන්නේද ට්‍රයිඇඩ් සමාගමයි.

සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු අර්ජුන රාජමහේන්ද්‍රන් සහ මව්බිම හිමිකරු ටිරාන් අලස් විසින් දිලිත් ජයවීර සමඟ පසුගියදා කොළඹ හෝටලයකදි කල සාකච්ජාවකින් පසු මෙම තීරණයට එළඹ ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *