Corruption Latest News Local News Popular

රටක් රවටන අශේන් බුද්ධාගමට පහරදී මුස්ලිම් සල්ලි කඩන හැටි (විශේෂ)

තරුණ ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන අශේන් සේනාරත්න මේ දිනවල ජනප්‍රියවී සිටිනුයේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමඟ පැවැත්වූ සංවාදයක් හේතුවෙනි. එම සංවාදය අතරතුරදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමලිංගිකයින් බවට චෝදනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇතිවී තිබේ.

මේ අතර අශේන් සේනාරත්න සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මුස්ලිම් අන්තවාදී සංවිධාන කිහිපයක් සමඟ පවතින සම්බන්ධතාවයක් පිළිබඳ තොරතුරු අපවෙත අනාවරණය වී තිබේ. මෙම සංවිධානය හරහා අශේන් සේනාරත්න වෙත රුපියල් ලක්ෂ ගණනින් මුදල් පොම්ප කරමින් ජනතාව අතර මුස්ලිම් අන්තවාදය පිළිබඳ සුබවාදී මුහුණුවරක් නිර්මාණය කිරීමටත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් සමාජය තුල පිළිකුලක් නිර්මාණය කිරීමටත් උපක්‍රමිකව උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වනවා.

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ සමාජයේ ප්‍රභල විරෝධයක් එල්ල වූ තවුහිද් ජමාත් සංවිධානයේ සභාපතිවරයා සමඟ සංවාදයක් සිදුකරමින් ඔහුට එල්ල වෙමින් පැවති විරෝධය යටපත් කිරීම සදහා රුපියල් මිලියන දෙකක මුදලක් පෙරකී මුස්ලිම් සංවිධානය විසින් අශේන් සේනාරත්නට 2019 මැයි මස 3 වනදා චෙක් පතක් මාර්ගයෙන් ගෙවා ඇති අතර ඊට මසකට පසුව හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙන්ද එවැනිම වීඩියෝවක් නිකුත් කරමින් හලාල් සහතිකය නිකුත් කිරීම සුදුසු බවට හැගී යන ආකාරයේ මතයක් සමාජගත කිරීමට කටයුතු කර තිබේ.

මේ වනවිට වරින්වර කොටුවේ පොඩි හාමුදුරුවෝයැයි කියාගන්නා චීවරධාරියා සමඟ වරින්වර සංවාද කරමින් කාන්තාවන්ගේ ශරීර අඟපසඟ , ගණිකා සේවනය , කන්‍යාභාවය වැනි කරුණු පිළිබඳව බෞද්ධ පදනමට දැඩි හානි ගෙනදෙන ආකාරයේ විවේචනයන් සිදුකරමින් සිටියි.

ඒ අතරම රංජන් රාමනායක වැනි නූගත් දේශපාලකයින් යොදාගනිමින් සිංහල බෞද්ධ හර පද්ධතිය දිනපතා විවේචනය කිරීම හරහා මුස්ලිම් අන්තවාදී අදහස් සමාජය තුලට කා වැද්දීමට අශේන් සේනාරත්න ක්‍රියාකරමින් සිටියි.

මොහුගේ මෙම ක්‍රියාදාමය පිළිබඳව නොදත් බොහෝ දෙනෙකු ඔහු වටා එක්වෙමින් නොදැනුවත්වම මෙම ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත්ව සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *