Latest News

ETI සමාගමේ පාලනය ලෝක හොරෙක්ගෙ අතට (විශේෂ)

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුලු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් හෙවත් ETI සමාගම් ජාලයේ පරිපාලන කටයුතු මහාපරිමාණ මූල්‍ය වංචාවන් රැසකට වග උත්තරකරුවෙකු වූ ඥාණතිවම් සිවජෝති නම් පුද්ගලයා වෙත පැවරීමට ETI සමාගමේ කළමනාකාරීත්වය හිමි එල්.ටී.ටීඊ ඩයස්පෝරා ආයෝජකයින් ව්සින් ක්‍රියාකර ඇති බව වාර්තා වනවා.

ඥාණතිවම් සිවජෝති යනු ETI සමාගමේ වර්තමාන හිමිකාරීත්වය සහිත එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව විසින් මුදල් පොම්පකරන සමාගමේ මෙරට ඒජන්තවරයායි.

චෙක්පත් වංචා සමිබන්ධව ගමිපහ, මාතලේ, හැටන්, පොලොන්නරුව,යාපනය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවලින් වරදකු බවට පත්කර ඇති සිවජෝති ඇමරිකා එක්සත් ජනපදය විසින් අසාදු ලේඛණ ගත කල අංක එකේ මූල්‍ය වංචකයෙකි.

     ඥාණතිවම් සිවජෝති 

මෝටර් රථ ධාවකයෙකු වන ඩිලන්ත මාලගමුව හා එක්ව ජපන් ජාතිකයෙකු සතුවූ රුපියල් මිලියන 150 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.

සිවජෝති සමඟ එක්ව සමාගම් සමූහයේ කළමනාකරණ කටයුතු සිදුකරන සුබෝධ විජේසූරිය නැමැත්තාද සෙලාන් බැංකුවේ සේවය කරමින් සිටියදී මහාපරිමාණ මූල්‍ය වංචාවක් සිදුකර පසුව සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකි.

කඩා වැටුනු ආයතන ගොඩගැනීම සදහා පත්කල යුත්තේ හොද කීර්තිනාමයක් සහිත මහත්මා ගති සහිත පුද්ගලයින්ය. මෙවැනි ලෝක හොරුන් ඉහළ කළමනාකාරීත්වයට පත්කිරීම හරහා ETI සමාගම තවත් පරිහානියට පත්වන බව නොවනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *