Latest News

මුස්ලිම් විරෝධය අමතක කරන්න කූප්‍රකට ප්‍රචාරණ සමාගමක් කල අමුතු මෙහෙයුම

පසුගිය දිනවල සමාජජාල මාධ්‍ය හරහා ක්‍රියාත්මක වූ දැඩි මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබඳ වූ සමාජ අවධානය වෙනත් දිශාවකට යොමුකිරීම සදහා කූප්‍රකට ප්‍රචාරණ සමාගමක් විසින් සමාජජාල හරහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.

“සිංහල ව්‍යාපාර සංසදය” සහ ඊට අනුරූප නම්වලින් සිංහල ජාතිකත්වය මත පදනම්වූ ව්‍යාපාර ආරක්ෂා අරගැනීම සදහා ෆේස්බුක් සමාජජාලය තුල විවිධ සමූහයන් නිර්මාණය වූ අතර එම සමූහයන් රැසක් මේ වනවිට ෆේස්බුක් රෙගුලාසි උල්ලංඝනය කිරීම නිසා අක්‍රීයව පවතී.

තත්වය එසේ තිබියදී එක්වරම “සිංහල විවාහ යෝජනා සංසදය” නම් හාස්‍යජනක ෆේස්බුක් සමූහයක් නිර්මාණය කිරීමට ප්‍රචාරණ සමාගමක් විසින් ක්‍රියාකර ඇති අතර මේ වනවිට එම සංසදය හරහා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබඳ රැල්ල මර්ධනය කිරීමට ඔවුන් සමත්ව තිබේ.

දිවයිනේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදිපිළි සමාගම් ජාලයක ඉල්ලීමක් මත ප්‍රසිද්ධ ප්‍රචාරණ සමාගමක් විසින් මෙම ක්‍රියාදාමය කළමනාකරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *