Latest News Politics Popular

ඉල්ලා අස්වෙන්න බෑ කියා ආරක්ෂක ලේකම් ජනපති ඉදිරියේ හඬා වැටෙයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එල්ලා අස්වන ලෙස රටපුරා ජනතාවගෙන් සහ ඉහළ පෙළේ දේශපාලන නායකයින්ගෙන් ප්‍රභල බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.

මෙම බලපෑම් හමුවේ ඉල්ලා අස්වීම සිය කීර්තිනාමයට කැළලක් බව පවසමින් ඊයේ රාත්‍රියේ ඔහු ජනාධිපති සිරිසේන ඉදිරියේ හඬා වැටී ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ඔහු වටා සිටින නිලධාරීන් රැසක් අප්‍රේල් 04 වනදා සිට ඉතා හොදින් දැනුවත්ව සිටි ඇති බව හෙළිවී තිබේ.

නමුත් බුද්ධි අංශ කල අනතුරු හැඟවීම් නොතකා ඔහු අවුරුදු නිවාඩුව ගත කර ඇත.

ඊයේ මාධ්‍යවේදීන් කල විමසුමකදී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කලේ “අපි ගහන බව දැනගෙන හිටියා. නමුත් මෙච්චර ලොකුවට ගහයි කියලා හිතුවේ නෑ” යනුවෙනි.

රට තුල මේ වනවිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර යුධ හමුදාව මුස්ලිම් ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම සදහා මෙහෙයුම් දියත් කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *