Latest News

සිය සහෝදරයා විසින් හප්පා ඝාතනය කල එකම පවුලේ සොහොයුරන්ට ජනපතිගෙන් ලක්ෂ 100

සිය සොහොයුරා වන ලාල් සිරිසේන මහතා විසින් බීමතින් රථය ධාවන කල අවස්ථාවකදී ඔහු විසින් අනතුරකට ලක්කල ඝාතනය කල එකම පවුලේ සාමාජිකයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලක්ෂ 100ක වන්දි මුදලක් ජනාධිපති අරමුදලින් ලබාදීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් තීරණය කර ඇත.

ඊයේ දිනයේදී ඇමති පා.ච රණවකගේ රියදුරෙකු විසින් පැදවූ රථයක ගැටී තුවාල ලබා දැන් සුවවී සිටින සන්දීප් නමැති තරුණයා ජනාධිපති කාර්‍යාලයට කැදවා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදිමට ජනාධිපතිතුමා ක්‍රියාකල අතර ඒ මොහොතේදී සිය සහෝදරයා අතින් අනතුරට ලක්ව මියගිය එකම පවුලේ සහෝදරයන් සිහිවී ඒ අවස්ථාවේදීම ඔවුන්ට ලක්ෂ 100ක වන්දි මුදලක් ලබා දිය යුතු බවට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත දැනුම්දී ඇත.

2017 වසරේ සැප්තැම්බර් මාසයේදී පොළොන්නරුව, හිඟුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටිය ප‍්‍රදේශයේදී එම අනතුර සිදුවූ අතර ලාල් සිරිසේන මහතා කිසිදු නෛතික උපද්‍රවයකට ලක් නොවී නිදහස් වීමට තරම් වාසනාවන්ත විය.

ජන දුක හදුනන නායකයෙකු වශයෙන් රටේ සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින වාහන අනතුරු අවම කිරීමටත්, අනතුරු වලින් තුවාල ලබන සියලූම දෙනාට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක මුදලක් ලබාදීමටත් අතිගරු ජනාධිපතිතුමන් තීරණය කර ඇතැයි වාර්තා වී තිබේ.

ලාල් සිරිසේන මහතාගේ අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශණ පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *