Latest News

ගම්මන්පිල මඟ හරිද්දී ජනපතිගෙන් සන්දීප්ට ලක්ෂ 10

ඇමති චම්පික රණවකගේ රියදුරෙකු විසින් පැදවූ මෝටර් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 10ක පුණ්‍යාධාරයක් පිරිනැමීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

අනතුරෙන් පසුව කලක් රෝගාතුරව සිටි සන්දීප් මේ වනවිට ඔරේන්ජ් පුද්ගලික සමාගමේ තත්ව පරීක්ෂකයෙකු වශයෙන් රාජකාරි කරනු ලබන අතර මේ වනවිට ඔහු ඉතා හොද සෞඛ්‍යයෙන් පසුවන බව වාර්තා වනවා.

මේ වනවිට සම්පූර්නයෙන්ම සුවවී සිය දෙපයින් ඇවිදගෙන රාජකාරියට වාර්තා කරන සන්දීප් ඊයේ දිනයේදී ලක්ෂ 10ක ආධාර මුදල ලබාගැනීමට ජනාධිපති කාර්‍යාලයට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත රෝද පුටුවක වාඩි වී එම ආධාර මුදල ලබාගෙන තිබේ.

මෙම අනතුර සිදුවූ සමයේදී උදය ගම්මන්පිල මහතා විසින් සන්දීප් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක් සහ නීති ආධාර ලබාදෙන බවට පොරොන්දු වුවද, පසුව ඔහු එම සිදුවීම මඟ හරිමින් ක්‍රියාකර ඇත.

චම්පික රණවක ඇමතිවරයා විසින් මෙම සිදුවීම නීතිය හරහා විසදාගත යුතු බව පවසා වින්දිත පාර්ශවය වෙත මුදල් සහ වරප්‍රසාද ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය කාලයේදී සන්දීප්ගේ ෆේස්බුක් ගිණුම ඉතා සක්‍රියව පැවති අතර එම ගිනුමේ ඔහු පළකල ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *