Corruption

විල්පත්තුව රකින්න කියා ලක්ෂ 6ක් එකතු කරයි. සල්ලි දෙනකොට පරිස්සමින් (PHOTOS)

විල්පත්තුව ආරක්ෂා කිරීම සදහා යැයි පවසමින් සමාජජාල මාධ්‍ය හරහා මුදල් රැස්කරගැනීමේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට සූදානමින් සිටින බව පරිසරවේදීන් පිරිසක් ප්‍රකාශ කරනවා.

ග්‍රීන් ප්‍රොජෙක්ට් – සිත් නැමැති ෆේස්බුක් පිටුව හරහා මේ වනවිට රුපියල් ලක්ෂ හයහමාරකට අධික මුදලක් සංජය ප්‍රදීප් නැමැති පුද්ගලයා විසින් රැස්කරගෙන ඇති අතර එම මුදල් පිළිබඳව විනිවිදභාවයකින් කටයුතු කිරීමට අදාළ පිරිස අපොහොසත් වී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්ගේ විල්පත්තු විනාශය සහ පහත් දේශපාලන වැඩසටහන සියලු ශ්‍රී ලාංකීකයින් එක්ව වහාම පරාජය කල යුතු බව අනිවාර්‍යයෙන්ම සත්‍ය කරුණකි. නමුත් ඒ අවංක වැඩසටහන හරහා අහිංසක දේශප්‍රේමි ජනතාවගේ මුදල් වංචා කරන මෙවන් කූට මිනිසුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.

 

 

සංජය ප්‍රදීප්

 

කලින් සදහන් නොකල දිනයකදී රහසිගතව විශාල පිරිසක් විල්පත්තු අභයභූමි ප්‍රදේශයට කැදවීම සදහා මෙම මුදල් රැස්කර ගන්නා බව ප්‍රකාශ කලද රහසිගතව විශාල පිරිසක් රැස්කරන්නේ කෙසේද යන්න විමසීම් කල විටදී එම ෆේස්බුක් පිටුව මෙහෙයවන පුද්ගලයින් නිරුත්තර වී තිබේ.

 

කලක සිට සමාජසේවා කටයුතු කිහිපයක් සිදුකරමින් ගොඩනගාගනු ලැබූ ප්‍රතිරූපයන් අවභාවිත කරමින් සිදුකරන මෙම මුදල් රැස්කිරීම නීතිවිරෝධි වංචා සහගත ක්‍රියාවක් වන බැවින් කරුණාකර ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *