Latest News

“අරුවක්කාලු එපා” – ලංකාවේ විශාලතම මුස්ලිම් විරෝධතා රැළිය හෙට ගාලු මුවදොරදී..!

 

අරුවක්කාලුවේ ඉදිකල කසළ රඳවනය වහාම ඉන් ඉවත්කරගන්නා ලෙසට ඉල්ලා ඉතිහාසයේ එදා මෙදාතුර මුස්ලිම් ජනතාව එක්ව සිදුකරනු ලබන විශාලතම විරෝධතාවය හෙට (19) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සංවිධානයේ කැඳවුම්කරු අබ්දුල් නසාර් මහතා ප්‍රකාශ කරනවා.

පසුගිය සිකුරාදා දිවයින පුරා සියලූම මුස්ලිම් පල්ලි වලදී මේ පිළිබඳව මුස්ලිම් ජනතාව දැනුවත් කර ඇති අතර මේ වනවිට දහස් ගණන් මුස්ලිම් ජනතාව මෙම විරෝධතාවයට සහාය දැක්වීම සදහා සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

පුත්තලම, අරුවක්කාලුව සහ ව්ල්පත්තු රක්ෂිතය ආශ්‍රිතව වසර 2000කට වඩා පැරණි මුස්ලිම් ජනාවාස පැවතිය බැවින් එම ප්‍රදේශයන් මුස්ලිම් නිජබිමක් බවයි එම සංවිධානය ප්‍රකාශ කරනුයේ.

එම නිජබිම විනාශ කරමින් රජය විසින් කසළ කළමනාකරණ ව්‍යාපෘති දියත් කිරීම නිසා ඉදිරියේදී එම ප්‍රදේශයේ ඉඩම්වල සිය ජනතාව පදිංචි කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවයි ඔවුන් චෝදනා කරනුයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *