Corruption Latest News

MAX රූපවාහිනී නාලිකාව කොටින්ට විකුණයි.

මැක්ස් රූපවාහිනී නාලිකාව සහ ගුවන් විදුලි නාලිකාව රුපියල් මිලියන 500ක මුදලකට එල්.ටී.ටී. ඊ සංවිධානයට අරමුදල් සැපයූ ලයිකා මොබයිල් සමාගමට අලෙවි කිරීමට එහි හිමිකරු වන මහින්ද රාමනායක මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

මෙම ගණුදෙනුවේ ප්‍රධාන තැරැව්කරුවන් වශයෙන් ක්‍රියා කරනුයේ මහින්ද රාමනායකගේ බෑණා වන රුවන් එදිරිසිංහ සහ මැක්ස් මාධ්‍ය ජාලයේ මුදල් සොරකම් කර හසුවී සේවයෙන් පහකල ප්‍රසන්න කුලතුංග යන අයයි.

මෙම ගණුදෙනුව සදහා ජනාධිපති සිරිසේනගේ සමීප මිත්‍රයෙකු වන අක්‍රම් නමැති මුස්ලිම් ජාතිකයාද සමබන්ධ වී තිබේ.

මහින්ද රාමනායකගේ පුත්‍රයා වන ජනක රාමනායක විසින් විටින් විට මෙම ගණුදෙනුවට සිය විරුද්ධත්වය පළකරමින් ෆේස්බුක් සමාජජාලයේ විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටියි.

මින් පෙරදී මෙම නාලිකාව මිළදී ගැනීම සදහා බැදුම්කර වංචාවට සමබන්ධ අර්ජුන් ඇලෝසියස්විසින් රුවන් එදිරිසිංහ හරහා උත්සාහ කලද ජනක රාමනායක විසින් එයට දැඩි ලෙස විරුද්ධත්වය පළකිරීම නිසා එම උත්සාහය ව්‍යවර්ථ විය.

රුවන් එදිරිසිංහ විවාහ වී සිටිනුයේ ජනක රාමනායකගේ සොහොයුරිය සමඟය.

කූප්‍රකට ලයිකා මොබයිල් සමාගම කොටි සංවිධානයට අරමුදල් සපයමින් ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ ප්‍රධානම ආර්ථික උපකරණයක් ලෙස සැලකේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *