Latest News

ගෝඨාභයගේ කඳවුර සමලිංගිකත්වය පිළිගනී

සමලිංගික සේවනය සදහා නීතිමය ඉඩකඩ ලබාදීම සදහා රජය සූදානම් වූ අවස්ථාවේදී ඊට දැඩි විරුද්ධත්වයක් එල්ල වුණා.

නමුත් එම විරුද්ධත්වයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් සමලිංගිකත්වයට අනුබල දක්වන ආකාරයේ නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කරමින් සමලිංගිකත්වය පිළිගන්නා බවට ප්‍රකාශ කර ඇති අතර ඔහු පොදුජන පෙරමුණේ වේදිකාවක් මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකල “සමනල්” ප්‍රකාශයද දැඩිව විවේචනය කර ඇත.

“සිරිසේන ජනාධිපතිවරයා එජාප නායකත්වය ‘සමනල රෑනක්’ විදියට හැදින්නුවම පොදුවේ ගමේ ගොඩේ සහ සමාජ මාධ්‍යවල ආයෙත් පාරක් සමලිංගික පිරිමින් සමනලයන් ලෙස හදුන්වන්න පටන්ගත්තා. මට මතකයි සිරිසේන මහත්තයා වේදිකාවේ මේ කතාව කියද්දී මහින්ද අගමැතිවරයා ඔලුවේ අත ගහගත්තා. මම ආශ්‍රය කරන සියලුම තරුණ දේශපාලකයන් පාහේ ඒක හෙලා දැක්කා. මෝඩ අදහස් දැක්වීමක් කියල ඉවත දැම්මා. මම ආශ්‍රය කරන බොහොමයක් වැඩිහිටි දේශපාලකයන් කිවා තමුන්ගේ තරුණ දුව හෝ පුතා ඒ කතාව ගැන ගෙදරදී අසතුට පලකලා කියලා. ” යනුවෙන් අහිදී ඔහු ප්‍රකාශ කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *