Local News

කමල් ගුණරත්නගේ හමුදා නීතිය නිසා දරුවෝ පාසල් හැර යයි.

ජනප‍්‍රිය ජාත්‍යන්තර පාසලක පරිපාලන අධ්‍යක්ෂක ධූරය ස`දහා විශ‍්‍රාමික හමුදා නිළධාරියෙකු වන කමල් ගුණරත්න මහතා පත් වීමෙන් පසුව, තමන් මහත් සේ පීඩාවට පත්ව සිටින බව එම පාසලේ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පවසති.

විශේෂයෙන්ම, පාසල් ගාස්තු නිසි වේලාවේ දී ගෙවීමට අසමත් වුවහොත්, පොලීසියේ ඔහුට ඇති සම්බන්ධතා උපයෝගී කර ගනිමින්, හිටපු හමුදා නිළධාරියෙකු වන කමල් ගුණරත්න මහතා, අදාල දෙමාපියන්ට එරෙහිව සදාචාරාත්මක නොවන ආකාරයෙන් බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

වාර්තාවන අන්දමට, පාසල් ගාස්තු නිසි වේලාවේ දී ගෙවීමට අසමත් වූ දෙමාපියන් සිව් දෙනෙකු මිරිහාන පොලීසියට කැදවා ප‍්‍රශ්න කර තිබේ.

අදාල පාසල තුළ පාසල් ගාස්තු වැඩි වීම සම්බන්ධයෙන් පිළිගත් ක‍්‍රමවේදයක් නැති අතර, ඇතැම් පන්ති සදහා පාසල් ගාස්තු වැඩි වී ඇත්තේ විශ්වාස කළ නොහැකි තරමේ අසාමාන්‍ය ආකාරයෙනි. උදාහරණයකට, අට සහ නමය යන පන්ති සදහා අය කරන පාසල් ගාස්තු රු. 37,000 /= සිට රු. 63,000/= දක්වා වැඩි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *