Latest News

රවී බැදුම්කර සල්ලි යොදවා සජිත්ට මඩ ගසයි.!

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් බැදුම්කර වංචාවේ ලාභයෙන් මසකට රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවා මිලදී ගනු ලැබූ “පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය” නමැති සිවිල් සංවිධානය යොදවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව මඩ අවලාද නැගීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම සිවිල් සංවිධානයේ සභාපතිවරයා වන්නේ රංජිත් විතානගේ නමැති තැනැත්තෙකි.

මෙම සිවිල් සංවිධානය විසින් සජිත් ප්‍රේමදාස මහතා විසින් දුප්පත් ජනතාව වෙත ලබාදෙන නිවාස ව්‍යාපෘති වල ප්‍රචාරණ වියදම් පිලිබදව අසත්‍ය තොරතුරු මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ අනවශ්‍ය ප්‍රචාරණ වියදම් නිසා සිමෙන්ති මිල ඉහළ යන බවයි ඔහු එම නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ.

රවී කරුණානායක මහතා විසින් මිලදී ගනු ලැබූ මෙම සිවිල් සංවිධානය විසින් මේ වනවිට රවී කරුණානායක සම්බන්ධ හොරකම් සහ වංචා රැසක් වෙනත් පාර්ශව වෙත යොමු කිරීම සදහා මාධ්‍ය සාකච්ජා පවත්වමින් සිටියි.

එජාපයේ අනාගත නායකයා වශයෙන් පාක්ෂිකයින්ගේ කැමැත්ත දිනා සිටින සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම හරහා එජාපයේ අනාගත නායකයා බවට පත්වීම රවී කරුණානායක අමාත්‍යවරයාගේ අරමුණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *