Foreign

2031 දී රුසියාව හදට යාමට සැලසුම් කරයි!

2031 වර්ෂයේදී මිනිසුන් සහිතව සිදුකරන පළමු සඳ මෙහෙයුම ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියාව පවසයි.

මෙම පර්යේෂණ රුසියානු විද්‍යා ඇකඩමියේ මෙහෙය වීමෙන් සිදුවන බව වාර්තා වේ.

මධ්‍යම පර්යේෂණ ආයතනයේ වාර්තාවට අනුව  2032 වර්ෂයේදී රුසියාව රෝවර් යානාවක් සඳවෙත යැවීමට සැලසුම් කර ඇත.

ඒසේම  දෙවන ගගණගාමී කණ්ඩායම රැගත් චන්ද්‍රිකාවක් සඳවෙත යැවීමට තීරණය කර ඇති අතර මෙම කණ්ඩායම චන්ද්‍රයා මත ගමන්කර හැකි වාහන නිර්මාණය කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට නියමිතය.

2033 වර්ෂයේදී සඳ මත විද්‍යාත්මක පර්යේෂණ සහ රොබෝ තාක්ෂණය අත්හදා බැලීමට රුසියාව සූදානම්  වේ.

2034 දී  චන්ද්‍රයා මත පළමු රුසියානු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර 2035 වර්ෂවයේදී එහි වැඩකටයුතු අවසන් කිරීමට ඔවුහු අපේක්ෂා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *