Corruption

විදුලිබල හොර ටෙන්ඩර් යට යවන්න රවී කරුණානායක සිවිල් සංවිධාන මිලදී ගනී..!

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ඔහුට එල්ල වෙමින් පවතින චෝදනා සමනය කරගැනීම සදහා සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු මිලදීගෙන තිබේ.

මසකට රුපියල් මිලියන 2 ක් රවී කරුණානායකට අයත් සමාගමක මුදලින් ගෙවීමේ පදනම මත පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ එලෙස මිලදී ගනු ලැබූ ප්‍රධානම සිවිල් සංවිධාන නියෝජිතයා වේ.

පසුගිය සමයේදී රංජිත් විතානගේ විසින් කෙරවලපිටිය LNG බලාගාර ටෙන්ඩරය චීනයට ලබාදීමට එරෙහිව විදුලිබල අමාත්‍යවරයා සහ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ චූදිතයින් ලෙස නම් කරමින් නඩුවක් පවරා තිබූ අතර පසුගියදා මෙම ගණුදෙනුව සිදුවීමෙන් පසුව නඩුව ඉල්ලා අස්කර ගැනීමට රංජිත් විතානගේ කටයුතු කරන ලදි.

විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය සාකච්ජාවක් පවා පැවැත්වූ මෙම සිවිල් සංවිධාන නියෝජිත පිරිස රවී කරුණානායක අමාත්‍යවරයා මින් ඉදිරියට කරනු ලබන ඕනෑම මූල්‍ය වංචාවක් මාධ්‍ය හමුවේ නිවැරදි කිරීම උදෙසා කැපවී ක්‍රියා කරනු ඇත.

රවී කරුණානායක අමාත්‍යවරයාගේ මීලඟ විදේශ සංචාරය සදහා මෙම සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසද අමාත්‍යංශයේ මුදලින් සහභාගී වීමට නියමිත අතර මේ දිනවල ඔවුන් ඒ සදහා අමාත්‍යංශ නිලධාරීන්ට හිසරදයක් වන ලෙස ක්‍රියාකරමින් සිටින බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *