Corruption Latest News

අද තවත් ටෙන්ඩරයක්..! මිලියන 6000ක ගල් අඟුරු ටෙන්ඩරය හොර පාරෙන් රුසියාවට

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ එම අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස් බටගොඩ සමඟ එක්ව මහා පරිමාණ මූල්‍ය වංචාවන් රැසක් සිදුකරමින් සිටින බව මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

පසුගිය සති කිහිපය පුරාම කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාර ටෙන්ඩරය වැඩි මිළකට චීනයට ලබාදීම, මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීම් සහ නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරයේ සිදුවූ මහා පරිමාණ කොමිස් අක්‍රමිකතා පිළිබඳව සමාජය තුල විශාල කතාබහක් ඇතිවිය.

තත්වය එසේ තිබියදී අද (06) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සදහා මේ වසරේ දෙවන වරටත් ගල් අඟුරු මිලදී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 32 (රුපියල් මිලියන 6000) පමණ වටිනා ටෙන්ඩරයක් ඉතාම වංචනික ලෙස රුසියානු සමාගමකට ලබාදීමට අමාත්‍යවරයා සහ ලේකම් සුරේන් බටගොඩ සූදානම් වන බව වාර්තා වනවා.

මීට සති දෙකකට ඉහතදී ටෙන්ඩරය ලබාදීම අවසන් කල යුතුව තිබියදී, රුසියානු සමාගම විසින් සිය ටෙන්ඩර් පත්‍රිකාවේ ගල් අඟුරු ගෙන්වන නැව සහ වරාය පිළිබඳ විස්තර ඇතුලත් නොකර තිබීම නිසා මෙම ටෙන්ඩර ප්‍රමාද කල අතර ඔවුන් එම තොරතුරු සහිතව නව ටෙන්ඩර් අයදුමක් ලබාදීමෙන් පසු ටෙන්ඩර් ගැනීම අවසන් කරන ලදි.

මේ වන විට අමාත්‍යංශ ලේකම්වරයා හරහා අමාත්‍යවරයා විසින් මෙම ටෙන්ඩරය රුසියානු සමාගමට ලබාදෙන ලෙසට ටෙන්ඩර් කමිටුවට බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා.

රුපියල් මිලියන දහස් ගණනක මෙම ගණුදෙනුවේ කොමිස් මුදල රුපියල් මිලියන 900ක්( කෝටි 90) පමණ වන අතර අමාත්‍යවරයා සහ ලේකම් සුරේන් බටගොඩ එම කොමිස් මුදල ලබාගැනීම සදහා කිසිදු නිසි ඇගයීමකින් තොරව රුසියාවේ සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමට කටයුතු කරයි.

  • විශේෂ දේශපාලන වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *