Corruption

රවී මිලියන 50000කට කෙලී…! බටගොඩ සමඟ එක්ව විදුලිබලයත් වනසයි.

යෝජිත කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරයට අදාළ අවම ඒකක මිල ඉදිරිපත් කළ සමාගම ඉවත් කර චීන සමාගමකට ලබාදීම සඳහා වන ටෙන්ඩර් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත.

මේ ආකාරයට එම බලාගාරයේ කටයුතු චීන සමාගමට පැවරීම සිදු වුවහොත් බලාගාරය ක්‍රියාත්මකව පවතින කාලසීමාව තුළ රුපියල් බිලියන 50ක පමණ අලාභයක් සිදුවන බවත්, ඇමෙරිකානු ඩොලරය තවදුරටත් ඉහළ යෑම මත එම අලාභය  බිලියන 75 පමණ දක්වා ඉහළ යාහැකි බවත් බලශක්ති විශේෂඥයන් පෙන්වා දී තිබේ.

2015 වසරේ සිට මේ දක්වා විදුලිබල මණ්ඩලය බිලියන 80 – 100 පමණ පාඩු ලබන මට්ටමකට පත්ව ඇති අතර, 2015 සිට මේ දක්වා ජාතික ජනන සැලසුමේ අඩංගු කිසිදු බලාගාරයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හෝ අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කර නොමැත.

මේ අතර, විදුලිබල පනත සහ ප්‍රසම්පාදන පනත උල්ලංඝනය කරමින් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය හදිසි විදුලිය මිලදී ගැනීමට සූදානම් වන අතර, එමගින් කැබිනට් මණ්ඩලය නොමග යවා ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කැබිනට් ප්‍රසම්පාදන කමිටුව වෙත දැනුම් දී තිබේ.

2009 අංක 20 දරන විදුලිබල පනත සහ 2016 අංක 02 දරන ප්‍රසම්පාදන පනත උල්ලංඝනය කරමින් මෙලෙස හදිසි විදුලිය ගැනීමට යොමු වීමේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය ලබාගෙන නොමැති බවත්, එසේ කටයුතු කිරීම නීත්‍යනුකූල නොවන බවත් එම කොමිසම කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව වෙත දැනුම් දී ඇත.

  • අද පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *