Latest News

සජිත්ගේ සහ සිරසේ විරෝධය නිසා ජනපතිට එරෙහි දෝශාභියෝගය නවතී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒම සදහා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ජාවක් ඇතිවී තිබියදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊට දැඩි ලෙස විරුද්ධත්වය පළ කිරීම නිසා දෝශාභියෝගයක් ගෙන ඒමේ අදහස ඔවුන් විසින් අත් හැර දමා ඇතැයි වාර්තා වනවා.

සිරස නාලිකාවේ ප්‍රධානී කිලි මහාරාජා හරහා ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් කල ඉල්ලීමකට අනුව ඔහු විසින් මෙම තීරණය සදහා සිය විරෝධය පළකර ඇත.

අග්‍රාමාත්‍යධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කතාවෙන් අනතුරුව අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පලකල අදහස් පහතින් දැක්වේ.

“අපි මේ ගමන ඉතාමත් ශිෂ්ඨ සම්පන්නව, ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තතත්වයන් තිබෙනවානම් තනි තීන්දු ගන්නේ නැතිව, සාකච්ඡා කරලා ප්‍රශ්ණ විසඳගැනීමට අපි පරිණත දේශපාලඥයින් ලෙස කටයුතු කළ යුතුයි.

අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කළ කරුණු කාරණා. ඒ සියල්ලම හදවතට ගත්තා. ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්න ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝගයක් ගේන්න අපි කතා කළෙත් නෑ. සාකච්ඡා කළෙත් නෑ.

ඒවා කරන්න බලාපොරොත්තුවක් නෑ. විවිධ ආවේග ශීලී අවස්ථාවල දේශපාලන උණුසුමත් එක්ක අපෙන් හා අනෙකුත් පාර්ශ්ව වලින් විවිධ උණුසුම් වචන පිටවුණා.

කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නවත් ඔබතුමාගේ දරු පවුලේ සාමාජික සාමාජිකාවන්ට හානි කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ.

ඔබතුමා පොඩි තැනකින් ඇවිත් ලොකු පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපතිතුමා නිසා . ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැක ගැනීමට අපි කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *