Latest News

පාර්ලිමේන්තුව විසුරවන්න බෑ : අගවිනිසුරු ජනපතිට දන්වයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගනු ලැබූ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඒ පිළිබඳ පෙත්සම් විභාග කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීරණය කර ඇතැයි අගවිනිසුරුවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ඊයේ(12) රාත්‍රියේදී අගවිනිසුරුවරයා විසින් මෙම තීන්දුව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය අනුව වසර 4 1/2 යන තුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය යන ප්‍රතිපාදනය මත විනිසුරුවරුන් බහුතරයකගේ මතය එය බවයි වාර්තා වන්නේ.

අද සවස 04.00ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *