Corruption

චතුරිකා සිරිසේනගෙන් නව රූපවාහිනී නාලිකාවක්

සිය ආදරණීය දියණියට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සදහා රුපියල් බිලියන ගණනක් වටිනා ඩිජිටල් සංඛ්‍යාත කිහිපයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

රුපියල් බිලියන 5 – 10 අතර ප්‍රමාණයක වටිනාකමකින් යුතු මෙම විකාශණ සංඛ්‍යාත ඇයට අයත්ට් ජේ ලංකා නමැති සමාගම වෙත ලබාදී තිබේ.

නෙලුම් කුලුණ විවෘත කිරීමට සමඟාමීව ශ්‍රී ලංකාවේ සියලු රූපවාහිනී නාලිකා ඩිජිටල් මාධ්‍ය හා මුසු කෙරෙන අතර මෙම නව රූපවාහිනි නාලිකාව ඊට සමගාමීව ආරම්භ කෙරේ.

මෙම නව රූපවාහිනී නාලිකාවට සමගාමීව ගුවන් විදුලි නාලිකාවක් සහ පුවත්පතක් නිකුත් කිරීමටද සිරිසේන පවුල සූදානමින් පසුවන බවට වාර්තා වී ඇත.

මෙම නව රූපවාහිනී නාලිකාව කළමනාකරනය කිරීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගේ සහාය ලබාගැනීමටද චතුරිකා සිරිසේන මහත්මිය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *