Politics

සජිත් ප්‍රේමදාස රාජපක්ෂලා ඉදිරියේ ඇඹරෙයි. (විශේෂ වීඩියෝ)

මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් මහතාගේ පියාගේ පස්වන ගුණානුස්මරණ ආගමික වැඩසටහන පෙරේදා(27) රාත්‍රියේදී ඒ මහතාගේ නිවසේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩසටහන සදහා සජිත් ප්‍රේමදාස ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලකයින් රැසක් පැමිණ සිටියා.

සජිත්ගේ දෙබිඩි දර්ශණය
එම අවස්ථාවට සහභාගී වූ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ හමුවේ සජිත් ප්‍රේමදාස මහතා නිවට නියාලු හැසිරීමක් ප්‍රදර්ශණය කල අතර ඔවුන් සමඟ බලෙන් කතා කිරීමට උත්සාහ කල අවස්ථා කිහිපයක්ද දැකගත හැකි විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමඟ සජිත් ප්‍රේමදාස වහාම නැගිට ඔහුව පිළිගනු ලැබූ අතර වරින් වර හමුවූ රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරු සමඟ ඔහු සුහඳ කතා බහක නිරත වෙමින් “අපි හොද යහලුවෝ” බව නැවත නැවත පැවසීය.

පසුගියදා පාර්ලිමේන්තු ගැටුමේදී කතානායකවරයාට තර්ජනය කල තිලංග සුමතිපාල අසලට ගිය සජිත් ප්‍රේමදාස ඔහුගේ බඩ අතගාමීන් විහිලු කල අතර එය ඉතා රසවත් සිදුවීමක් විය.

පසුගිය සමය පුරාම එක්සත් ජාතික පක්ෂයට පන්න පන්නා පහර දුන් මව් බිම පුවත් පතේ හිමිකරු ටිරාන් අලස් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පවතින හිතවත්කමද ඉතා දැඩිව එහිදී දක්නට ලැබුණි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල අර්බුදය පිළිබඳව සහ රාජපක්ෂ පාර්ශවය විසින් එජාප ආණ්ඩුවේ බලය උදුරා ගැනීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා කිසිදු විවේචනයක් නොකර නිහඬව සිටීම පවා සැකසහිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *