Politics

චම්පිකට සොරි.COM – විජයදාසව හරවා එවයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා යලි එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට තීරණය කර ඇත. රාජපක්ෂ පවුලේ සමීපතම පුද්ගලයෙකු වන විජයදාස රාජපක්ෂ මෙලෙස එජාපය සමඟ එක්වීමට හේතුව වී ඇත්තේ මහරගම සම්පූර්ණ එජාප බලය පාඨලී චම්පික රණවක වටා ගොනු වීමයි.

රාජපක්ෂ කඳවුරේ දේශපාලන නායකයින් අතර මෙම තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇහි අතර පසුව විජයදාස රාජපක්ෂව නැවහ එජාපයට යැවීමටත්, මහරගම ආසනයේ එජාප බලය ඔහු වටා ගොනු කරගැනීමට අවශ්‍ය සහය ලබාදීමටත් එහිදී එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරාම චම්පික රණවක විසින් මහරගම ප්‍රදේශයේ ජන හමු රැසක් සංවිධානය කරමින් “පොරක්” වීමට කටයුතු කිරීම සහ පාරම්පරික එජාප පාක්ෂිකයින්ගේ කැමැත්ත දිනාගැනීමට සමත්වීම නිසා මෙම අර්බුදය හටගෙන ඇත.

මින් පෙරදී විජයදාස රාජපක්ෂ රාජපක්ෂ කඳවුරට පැමිණිම පිළිබඳව උපාලි කොඩිකාර, කාන්ති කොඩිකාර, ඉසුර දේවප්‍රිය යන පිරිස දැඩි විරෝධයක් මතු කල අතර නැවත ඔහු එජාපයට යාමත් සමඟ එය සමනය වී යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *