Politics

රතන යලිත් අමුතු සෙල්ලමකට සැරසෙයි.

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයකින් පාර්ලිමේන්තුවට පත්ව මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුවට සහය දක්වමින් සිටින පූජ්‍ය අතුරලියේ රතන විසින් නව තිරසර ජාතික වැඩපිළිවෙල නමින් වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් වන බවට වාර්තා වනවා.

දිනෙන් දින අර්බුදයට ලක්වෙමින් පවතින රාජපක්ෂ – සිරිසේන දේශපාලන දීගය සඳහා ලේඛනමය වලංගුතාවයක් ලබා දෙමින් ඔවුන් පසුගිය සමයේ කල කී දෑ නිසා ලෝකය හමුවේ විහිලුවක් වීම වැලැක්වීම සදහා මෙම නව ජාතික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනවිත් දෙපාර්ශයව එකතු කිරීම එහි අරමුණය්යි.

නමුත් පසුගිය සමයේදී අතුරලියේ රතන හිමි විසින් දිගින් දිගටම දේශපාලනික වශයෙන් සිදුකරන ලද අසාර්ථක ක්‍රියාකාරකම් නිසා උන්වහන්සේට පෙර පැවති මහජන විශ්වාසය/ පිළිගැනීම හෝ ගෞරවය දැන් නොමැත. කාන්තා ශක්ති ව්‍යාපාරයේ නන්දසිරි ගමගේ හරහා සදහම් ආශ්‍රමයට කාන්තාවන් කැදවා ජන හමුවක් පැවැත්වීම හරහා සැබෑ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැංවිය නොහැක.

සිරිසේනගේ තර්ජනය

පසුගිය සමයේ එක්වරම රතන හිමි ජනාධිපති කාර්‍යාලයේ දැරූ තනතුරු වලින් ඉල්ලා අස්වී ජනාධිපතිවරයාට විරුද්ධව යම් ප්‍රකාශ කිහිපයක් නිකුත් කල අතර ඉන් කිපුණු ජනාධිපතිවරයා රතන හිමි ජනාධිපති කාර්‍යාලයේ සම්පත් අවභාවිතා කල ආකාරය සහ උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු රැසක් හෙළි කරන බවට තර්ජනය කිරීම නිසා නැවතත් සිරිසේන – මහින්ද සරණ යාමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *