Latest News Politics

නව අගමැති මංගල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම නිසා හටගෙන ඇති දේශපාලනික අර්බුදය අවසන් කරමින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා ඉදිරි පැය කිහිපය තුලදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තා වී තිබේ.

මේ වනවිටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මංගල සමරවීර මහතා අතර මේ පිළිබඳව සාකච්ජා ආරම්භ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ ඊට සම්බන්ධ සියලු පක්ෂ වලත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට හිතවත් නිදහස් පක්ෂ කණ්ඩායමත්, දෙමළ ජාතික සංධානයේත් පූර්ණ සහය එහිදී මංගල සමරවීර මහතාට හිමිවනු ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

අද පැවති ජාත්‍යන්තර මාධ්‍ය හමුව
නව ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී සුරේන් රාඝවන්ගේ සම්බන්ධීකරණයෙන් ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් අතර හමුවක් අද පැවැත්වූ අතර එම හමුවෙන් පසුව ජනාධිපතිවරයා පටිගත කිරීම් අත් හිටුවන ලෙස පවසා ඔවුන් අමතා විශේෂ කරුණක් ප්‍රකාශ කලා.

“මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය තියනවනම් ප්‍රශ්ණයක් නෑ. බහුතරය නැත්නම්? ඔහු තීරණයක් ගන්න ඕන. මේ ගැටලුවට අපි ඉදිරි පැය කිහිපය තුලදී සියලුම දෙනාට පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් කරනවා.”

චන්ද්‍රිකාගේ නිහඬභාවය
මෙම සිදුවීම් පෙළ ආරම්භයේ සිටම නිහඬව සිටිමට කටයුතු කල චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හැසිරීම මෙහිදී බොහෝ දෙනෙකුගේ සැකයට භාජනය වී තිබේ. 1994 වසරේ සිටම චන්ද්‍රිකා බණ්ඩාරනායකට සිටි හොදම ගෝලයින් දෙදෙනා මෛත්‍රීපාල සිරිසේන සහ මංගල සමරවීරයි. ඔවුන් දෙදෙනා දෙපසක විරසකව සිටීම තරමක් නුහුරු දෙයක්.

මංගල අගමැති වුවහොත්?
මේ වනවිට පවතින දේශපාලන වාතාවරණය අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මංගල සමරවීර මහතා අග්‍රාමාත්‍යවරයා බවට නම් කලහොත් ඉන් මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වරටත් දැවැන්ත දේශපාලනික පරාජයකට පත්වන අතර ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පවා අහිමි වනු ඇත. මේ වනවිට රාජපක්ෂ මහතා සහ ඔහු සමඟ සිටින බොහො දෙනෙකු නිදහස් පක්ෂය හැරගොස් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති බැවින් ඔවුන් අතරින් කිසිවෙකු හෝ ජනාධිපතිවරයාට එරෙහිවන ඕනෑම අවස්ථාවක ඔවුන්ට පාර්ලිමේන්තු අසුන පවා අහිමි කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී.

කෙසේ වෙතත් මෙම සිදුවීම් පෙළ සියුම්ව විමසා බැලීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉතා බරපතළ දේශපාලනික සැලසුමක් දියත් කරමින් සිටින බව වැටහී යයි. එහි අවසානය කිසිවෙකුටත් සිහිනයකින් වත් සිතා ගැනීමට නොහැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *