Latest News Popular

යුධ නැව් සිහිනය අවසන්. බිලියන 64.8 වටිනා හෙලිකොප්ටර් 2Oක් මිලදී ගැනීමට රජය සැරසෙයි.

රටේ ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට ලක්ව සිටියදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිහරණය සඳහා රුපියල් බිලියන 64.8 (මිලියන 64,800 – කෝටි 648 ) වටිනා හෙලිකොප්ටර් යානා 28ක් මිලදී ගැනීම සදහා රජය සූදානම් වන බව සතිඅන්ත සන්ඩේ ටයිම්ස් ජාතික පුවත්පත ඊයේ (10) වාර්තා කර තිබේ.

MI17 වර්ගයේ හෙලිකොප්ටර් 10ක්, නියමුවන් රහිත ගුවන්යායානා හතරක්, පුහුණු කටයුතු සඳහා භාවිතා කරන හෙලිකොප්ටර් හයක්, බෙල් 414 වර්ගයේ ප්‍රභූ ප්‍රවාහන අධි ආරක්ෂිත හෙලිකොප්ටර් ද්විත්වයක්, භාවිතකරන ලද බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් මෙලෙස මිලදී ගැනීම සදහා සූදානම් වේ.

මෙම මිලදී ගැනීම සඳහා පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රුසියානු යුධ නැව මිලදී ගැනීම සදහා භාවිත කල හැකි ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වටිනා රුසියානු ණය මුදල යෙදවීමට සහ ඉතිරිය සදහා තවත් විදේශ ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *