Corruption Latest News Popular

ඇමති රංගේ බණ්ඩාරගේ මිනීමරු බේබදු පුත්‍රයා යලිත් වැඩ පෙන්වයි.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අද අලුයම 12.45ට පමණ ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බව ය.

එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පැවසුවේ ය.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර යශෝධ රංගේ බණ්ඩාර මහතා ඇතුළු දෙදෙනෙකු හලාවත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේ ය.

මෙම මාර පුත්‍රයා විසින් අවස්ථා ගණනාවකදීම බොහෝ දෙනෙකු අනතුරු වලට ලක්කර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන සමඟ ඇති හිතවත්කම් උපයෝගී කරගනිමින් නීතියේ රැහැනින් ගැලවී යාමට සමත් විය.

ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ හොදම මිත්‍රයින් දෙදෙනා වන කෝටි 2 අල්ලස් සිදුවීමට සම්බන්ධ මහානාමගේ පුත්‍රයා සහ රංගේ බණ්ඩාරගේ මිනීමරු පුත්‍රයා යන දෙදෙනාම රාත්‍රි කාලයේදී සමාජශාලා වල අධික බීමතින් රැදී සිටින අතර විටින් විට කළහකාරී සිදුවීම් ඇති කර ගැනීමද ඉතා සමාන්‍ය සිදුවීමක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *