Corruption Popular

ජාතික තරුණසේවා සභාවේ සභාපතිට රථගාය. පාවිච්චියට වාහන 7ක්

 ජාතික තරුණසේවා සභාවේ “දැක්ම” ලෙස සටහන් වන්නේ “බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්” යන්නය. එහි “මෙහෙවර” ලෙස සටහන් වන්නේ “දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උපයෝගී කොට ගෙන ජිවිත අභියෝගී සදහා මුහුණ දීමට ශ්‍රී ලාංකීය තරුණයා සවිබල ගැන්වීම සදහා පහසුකම් සැපයීම”ය. සභාවේ නිල වෙබ් අඩවියේ එසේ සඳහන් වුවත් 2016 දෙසැම්බර් 31 වනදායින් අවසන් මුල්‍ය වර්ෂයට අදාළ විගණන විමසුමෙන් හෙළිවන්නේ බලසතු ශ්‍රී ලාංකිකයා බිහිකිරීම කෙසේ වුවත් සභාව ඉබාගාතේ යනවා පමණක් නොව බරපතල සැක සංකා ඇතිවන ආකාරයේ ගනුදෙනුද එහි සිදුව තිබෙන බව මේ දිනවල පුවත් වෙබ් අඩවි සහ සමාජ ජාලාවල දක්නට ඇති කාරනයකි.

අපි කියන්නට යන්නේ තරුණසේවා සභාවේ සභාපතිවරයා මගතොයේදී සැප විදින ආකාරය පිළිබදවය. ජාතික තරුණසේවා සභාව රජයේ ආයත ශ්‍රේණියේ කිරීම අනුව E ශ්‍රේණියේ ආයතනකි. නමත් සභාපතිවරයා බුක්තිවිදින්නේ රජයේ ලාභ ලබන A ශ්‍රේණියේ ආයතනයක ඇති පහසුකම්ය.

ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයාට රජයෙන් හිමිවන්නේ ඉන්දන ලීටර 175කි. නමුත් වර්ථමාන සභාපතිවරයා ලීටර 250ට වැඩිකරගෙන ඇත. තවද ඒ එක් එක් අංශමගින් සිදුකරන ව්‍යපෘති සදහා සභාපතිවරයාට එම අංශ මගින් ඉන්දන සදහා බර පැන වෙනම වෙන් වන බවද වාර්ථාවේ. ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයාට නිල රථ දෙකක් හිමිවේ. වර්තමාන සභාවරායාගේ රාජකාරී අාවරනය කිරීමට යැයි පැවසමින් මේවන විට යොදවා ඇති වාහන සංඛ්‍යාව 7කි. ඒ අතරට සභාපකිවරයාට හිමි වාහන දෙකෙන් එකක්ද ඇත.

ජාතික තරුණසේවා සභාව රජයේ ආයත ශ්‍රේණියේ කිරීම අනුව E ශ්‍රේණියේ ආයතනක් වුවද මේවන විට සභාපතිවරයා සුකෝපභෝගී Land Cruiser V8 රථයක් භාවිතාකරණු ලබයි. මෙම රථ සදහා සියළුම නඩත්තුව දරණු ලබන්නේ ජාතික තරුණසේවා සභාව මගින් තරුණ සුභ සිද්ධිය උදෙසා යොදවනු ලබන මුදල්ය. ඒ සදහා රියදුරන්ගේ සියළු බර පැනද අයත්ය.

අප ඉහතින් දැක්වූ වාහන භාවිතා කරන පුද්ගලයන් මෙසේය. බිනාල්, දිනේෂ් , දසුන් , දිල්ශාන් , සහ සභාපතිවරයාගේ නිවසෙහි භාවිතය සදහා එක් වාහනයක් ද අනෙක ව්‍යපෘතිවල විවිධ පරිහරනය සදහා එක් රථයක් පවතීන බව වාර්ථාවේ. රටෙහි තාරණ්‍යය ඔප්නැන්වීමට වෙන්වන මුදලින් සුරසැප විදින මොහු ඉන් රථ3ක් පරවාරක රථලෙස නිතරම යොදාගනී. එසේ නොයන්නේ නම් ඒ සභාපතිවරයා ගෙදරට හැරලීම සහ ගෙදරින් කැන්දාගෙන ඒම හැරෙන්නටය. රාජ්‍ය අමාත්‍යවරයෙකුටද වෙන්වන්නෙ රථ 5කි. ඒ තමාගේ පෞද්ගලික පරිහරනයට සහ කාර්යමණ්ඩලයේ පරිහරනයට හිමිවන රථ සමගිනි. දුෂිතයකුවන මෙම තරුණසේවා සභාවේ සභාපතිවරයා මෙලෙස නාත්කරණු ලබන්නේ රටෙහි තරුණ සුභසිද්ධිය උදෙසා වෙන්වනු ලබන මුදල් නොවේද? ගරු අමාත්‍යතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *