Corruption Popular

සජිත් ප්‍රේමදාස විජිතපුර බලකොටුව වනසා අනුරාධපුරයේ නිදන් හාරයි.

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විජිතපුර ඓතිහාසික පූජා භූමියට යාබදව පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක් යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කර තිබෙනවා.

පුගොල්ලාගම බැලුම්ගල නැමැති මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භූමිභාගයේ තිබූ කොරවක් ගල් ඉපැරණි ගරාවැටුණු චෛත්‍යය ගල් කණු මල් ආසන ගල් ඇඳන් සදකඩ පහන මුරගල් ඉපැරණි ගොඩනැගිලි ඇතුලු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අක්කර 15 ක පමණ භුමි ප්‍රමාණයක් මෙලෙස විනාශ කර දමා තිබෙනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශයට අයත් නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව ගම්මානයක් ඉදිකිරීම සඳහා බව පවසමින් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය වීනාශ කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එසේමෙ මෙම මහා අපරාධය සිදු නොකරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගම්වාසීන් දැනුම්දුන් දුන්නද දේශපාලන බලය මත නිදන් සෙවීමේ අරමුණින් මේ මේ විනාශය සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

මෙම ස්ථානයේ ඓතිහාසික පසුබිම පිළබඳව විමසා බලන විට දුටුගැමුණු එළාර යුද සමයේ සිට මෙම ස්ථානය පැවති බවත් එළාර දුටුගැමුණු යුද සමයේ සතුරන් එන ස්ථාන බැලීම සඳහා බැලුම්ගල නම් වූ ස්ථානය පිහිටා ඇති බවත් එම ස්ථානයේ පසුව විහාරාරාම කර සඟසතුකොට පූජා කල බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය කියා සිටියේ නිවාස සංවර්ධන අධිකාරිය එම ඉඩම ලබා දුන් බවත් ඉඩම ලබා දෙන අවස්ථාවේ දී එම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බවට හඳුනාගෙන නොතිබූ බවත්ය.

තත්වය කුමක් වුවත් මේ වන විට අනාගත පරම්පරාවට උරුම වන්නට තිබූ මහා ශ්‍රී ලාංකීය උරුමයක් මේ වන විට විනාශ කර දමා අවසන්ය..!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *