Corruption Latest News Local News Sports

හේමසිරි හා මැක්ස්වෙල් ජගත් ඔලිම්පික් කමිටුවත් ගොනාට අන්දයි. (විශේෂ)

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ, මෙරට නියෝජිතයා වන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු හා ලේකම් මැක්ස්වෙල් සිල්වාගේ ක්‍රියා කලාපය සාමාජික සංගම්වල දෝශ දර්ශනයට ලක්ව තිබේ.

2012 වසරේ සිට මේ වනතෙක් මොවුන් විසින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන හවුල් කරුවෙකු වන ඔලිම්පික් කමිටුවේ බලය අත්තනෝමතික ලෙස තම බූදලයක් බවට පත්කරගෙන සිටීයි. නිළවරණයක් නොපවත්වා, දිගින් දිගටම මෙරට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද රවටමින් බලය රැකගෙන සිටින මේ පුද්ගලයන් ක්‍රීඩාව නගා සිටුවීමට සිදකර ඇත්තේ කුමක් ද ? දෙසැම්බර් මස 15 වැනි දාට පෙර නාමයෝජනා කැඳවා ජනවාරි මස නිළවරණය පවත්වන බව ඔලිම්පික් කමිටුව ඊයේ පැවති විධායක කමිටු රැස්වීමෙන් පසුව තීරණය කර ඇත.

ඔලිම්පික් කමිටුවේ, විගණනවාර්තා නිසි ආකාරයෙන් පවත්වාගෙන නොගිය මොවුන්, ජාත්‍යන්තරයට පවසන්නේ රජයේ විගණකාධිපති කාර්යාලය මගින් සිදුවන පමාවක් හේතුවෙන් නිළවරණය පැවැත්වීමට නොහැකිවූ බවය. නමුත් පසුගිය වසර කිහිපයේදී ඔලිම්පික් කමිටුවේ විගණන වාර්තා, රජයේ විගණකාධිපති වෙත ලබා දී ඇත්තේ බොහොම මැතක දී බව වාර්තා වේ.

හේමසිරි ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිස ක්‍රීඩාව වෙනුවෙන් සිදුකර ඇති දෑ එකින් එක විමසා බැලීම වටීයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිරිණමන මුදල්, හා ශිෂ්‍යත්ව තම හිතෛෂීන් වෙනුවෙන් වෙන් කිරීම මොවුන් අනාදිමත් කාලයක සිට සිදුකළේය. එසේම, වසරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් දින සැමරුමට පමණක් සත්කාරකත්වය දක්වමින් උත්සව පැවැත්වුව ද ඉන් පිටත කිසිදු කර්තව්‍යයක් මොවුන් සිදුනොකරයි. ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලයීය, ආසියානු හා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතුළු ක්‍රීඩා උළෙලවලදී මොවුන්ගේ මල්ල බරවේ. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙත ලැබිය යුතු අවස්ථා, තම ගජ මිතුරන් වෙත ලබා දෙමින් විදෙස් සවාරි ලබා දෙමිනි. ගජ මිතුරන් අතර මාධ්‍යවේදීන් ද සිටියි. ඒ හේතුවෙන් මොවුන්ගේ ක්‍රියාකලාපයන් විවේචනය කිරීමට ඔවුන් මැලි වෙයි. ඉහත සඳහන් කළ ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවීමට නම් හේමසිරිගේ හා මැක්ස්වෙල්ගේ දේවාශිර්වාදය ලබා ගත යුතු තත්වයක් මෙරට පැවතිම හාස්‍ය ජනකය. මොවුන්ට විරුද්ධ මාධ්‍යවේදින්ට ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල ආවරණයට අවස්ථාවක් නැත.

2016 බ්‍රසීලයේ පැවැති ඔලිම්පික් උළෙලට දිනේශ් වීරවංශ නම් මාධ්‍යවේදියා පුහුණුකරුවෙකු ලෙස සහභාගීවුනේ එලෙසිනි. ඉන් පසුව හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ ඔහුට අවශ්‍ය දේ කළ හැකි බවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මොවුන් කර ඇත්තේ කුමක් ද ? මලල ක්‍රීඩා සංගමය සමග කලක පටන් ඇති ආරවුල මත, ඔලිම්පික් හැන්දෙන් මලල ක්‍රීඩාවට බෙදෙන්නේ ඉතා අවම ප්‍රමාණයක්. හිතවතුන්ගේ යටතේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව හිමිවුවත්, දක්ෂයාට මොවුන්ගේ ශිෂ්‍යත්ව ලැබෙන්නේ නැත. මොවුන්ගේ මිතුරන්ට, හිතු මනාපෙට ක්‍රීඩා සංගම් අටවාගෙන සාමාජිකත්වය ලබා ගත හැක. ඔවුන්, නිළධාරින් ලෙස සෑම විදෙස් සංචාරයකටම සහභාගී කරවා ගනී.

ක්‍රීඩාවට ආදරේ කරන හේමසිරි, මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට 2016 බ්‍රසීලයේ පැවැති ඔලිම්පික් උළෙලට සහභෘගීවීමට මත්තෙන් තර්ජනයක කළේ සිය බිරිද හා සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපිට ය. මෙවන් පුද්ගලයන් ක්‍රීඩාවට අවශ්‍යද ?

මහජන බැංකුවේ සභාපති ලෙස, බැංකුව ද කාබාසිනියා කරන හේමසිරි ප්‍රනාන්දු ස්වාධීන රූපවාහිනිය ද කාබාසිනියා කර ඉන් නික්ම ගියේය. නැවත මෙවන් අමනෝඥයන්ට ක්‍රීඩාව පාලනය කිරීමට ඉඩ ලබා නොදිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *