Latest News Local News Murder Popular

විද්‍යා ඝාතනය : සැකකරුවන් 07 කට ඉලංචේලියන් විනිසුරු මරණ දඬුවම තීන්දු කරයි !

යාපනය, කයිට්ස් -පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණය කර ඝාතනය කළ  ශිවලෝගනාදන් විද්‍යා පාසල් දැරියගේ සිද්ධියේ එක් විනිසුරුවරයෙකුගේ නඩු තීන්දුව මීට ටික වෙලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුනා.

එහිදී තීන්දුව ලබාදුන් විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් සැකකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම ලබාදුන්නා.

යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චේලියන්, නල්ලූර් ප්‍රදේශයේ සිය නිල රථයේ ගමන් කරමින් සිටියදී සිදු වූ වෙඩිතැබීමකින් ඔහුගේ ආරක්ෂකයකුව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර පසුගිය දා මියගිය අතර එම සිද්ධියත් සමග විනිසුරුවරයා ගැන රටේ මහත් කතාබහක් ඇතිවුනා.

කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනුසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරුන් දෙදෙනෙකු ඔවුන්ගේ තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *