Latest News Local News Murder Popular

විද්‍යා ඝාතකයන්ට මරණ දඬුවමද? පිටු 332 කින් යුත් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹෙයි !

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

පිටු 332කින් යුත් එම නඩු තීන්දුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර ශෂි මහේන්ද්‍රන් මහතා විසින් මේ වන විට ප්‍රකාශ කරනු ලබමින් සිටී. පසුගිය ජූනි 12වැනිදා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.

ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් වන පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජෙයකුමාර්, පූබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශෂින්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් යන 9 දෙනාට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශ කෙරේ. අධිචෝදනා 47ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව යාපනය මහාධිකරණයේ දී මෙම නඩුව විභාග විය.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනිණි. කොළඹින් පිට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අද (27) දින අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් කළ දැනුම් දීමක් අනුව විද්‍යා දැරියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය ද අධිකරණයට පැමිණ සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *