Latest News Local News Murder Popular

‘සමයං’ මැරූ අංගොඩ ලොක්කා සහ ලඩියා හිරෙන් පනී – තේ වත්තක සැඟවී සිටින බවට තොරතුරු !

ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි බන්ධනාගාර රැඳවුම් මධ්‍යස්ථානයකින් පැනගත් මෙරට පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයෙකු වන ලඩියාව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට ඉන්දියාව සමග එක්ව අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙසට ඉල්ලීමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලධාරීන්ට යොමු වී ඇතැයි වාර්තා වේ.
ඒ අතර මෙරට ප්‍රමුඛතම බුද්ධි අංශය වන රාජ්‍ය බුද්ධි සේවය අංගොඩ ලොක්කා ඉන්දියාවේදී පරිහරණය කරමින් මෙරට ගෝලයන් හා සම්බන්ධ වුණු දුරකතන අංක කිහිපයක් ඉන්දියානු ඔත්තු සේවාව වන ‘‘රෝ“ ඔත්තු සේවයට ලබා දෙමින් ඔවුන් අල්ලා ගැනීමට සහාය ඉල්ලා ඇති බවද වාර්තා වේ.
 
බන්ධනාගාර බස් රථයකට කලුතරදි ප්‍රහාරයක් එල්ල කර සමයං නැමැත්තා ඝාතනය කිරීමේ චෝදනාව අංගොඩ ලොක්කාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. අංගොඩ ලොක්කා සහ ලඩියා ඉන්දියාවට පලා ගොස් තිබුණේ ඉකුත් මාර්තු මාසයේදීයි. ඉන්දියාවේ සිට ඩුබායි බලා යෑමට සූදානමන් සිටි ඔවුන් දෙදෙනාව පසුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
කෙසේ වෙතත් පසුව ඔවුන් දෙදෙනාව මෙරටට ගෙන ඒම සඳහා ඊට අවශ්‍ය නීතිමය කටයුතු ප්‍රමාද වීමත් සමග ඔවුන් හිරෙන් පැන ගොස් ඇති බවටද රාවයක් පැතිර ගියේය. මේ වන විට ඔවුන් හිරෙන් පැන ගොස් ඇති බවට නිශ්චිතව හෙළි නොවුණත් ඔවුන්ගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් වී ඇති අතර, ඔවුන් ඉන්දියාවේ කේරල  ප්‍රාන්තයේ ඇති තේ වත්තක සැඟවී සිටින බවටද සැකයක් මතුව තිබෙන බවද සඳහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *