Latest News Local News Murder Popular

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ඝාතනය : පොලීසියේ පස් දෙනාට ඇප !

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ.

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත. 2016 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා රාත්‍රියේ යාපනය – කොකුවිල් ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබු අතර ඔවුන්ගේ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට නිරීක්ෂණය වී තිබුණි.

ඒ අනුව එම සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් සැකපිට යාපනය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *