Gossip Latest News Murder

උඩහමුල්ල ඝාතන අබිරහස හෙළිවෙයි – හේතුව දේපළ ආරවුලක් සහ අනියම් පෙමක්

නුගේගොඩ උඩහමුල්ල මාදීවෙල අංක 127 දරන නිවසේ තම පුතා සහ මිනිපිරියන් දෙදෙනා සමග ජීිවත් වූ වයස්ගත හැත්තෑ නවවන (79) වියේ පසු වූ කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසනවා.

මස 19 වැනි දින නිවස තුළදීම ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මියගිය කාන්තාවගේ ලේලිය හා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු දේවාලයක සේවය කරන කපුමහතෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර  සැකකාර ලේලියගේ අනියම් පෙම්වතෙකු වන 45 හැවිරිදි  යුද හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසන්නේ.

අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා තිස්පස් හැවිරිදි (35) පරකඩුව ලෙල්ලෝපිටිය ප‍්‍රදේශයේ පදිංචි ඇඹිලිපිටිය තුංකම ඉංජිනේරු බළකා රෙජිමේන්තුවේ පෙදරේරු උපදේශකයෙකු බවත් අනෙක් සැකකරු ගොඩකවෙල ප‍්‍රදේශයේ පදිංචි (36) වියැති දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු බවත් වාර්තා වනවා.

සැකකාර ලේලියගේ අනියම් සැමියා වන යුද හමුදා කපිතාන්වරයා කපුමහතාට පවසා ඇත්තේ තම නැගනිය විවාහ පත්ව සිටින සැමියාගෙන් සහ සැමියාගේ මවගෙන් නිතර නිතර කරදර සිදුවන බැවින් එය නවතා දැමීම සඳහා ගුරුකමක්් කරගත යුතුව ඇති බවයි.

එසේ කරනා උදව්වට ප‍්‍රති උපකාර වශයෙන් හමුදාවේ සේවය කරන සහෝදරයාට යුද හමුදාවේ උසස් නිලයක් ලබාදෙන බවත් කියා ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණවලින් හෙළි ව තිබෙනවා.

තම සැමියාගේ මවට අයිතිව තිබූ බිලියන ගණනක් වටිනා දේපළ අත්පත් කරගැනීම සඳහා මෙම ඝාතනය සිදුකළ බව සැකකාර ලේලිය පොලීිසියට කළ ප‍්‍රකාශයේදී සඳහන් වී තිබෙනවා.

සැකකාරියගේ ජංගම දුරකථනයේ දත්ත අනුව සිදුකළ පරීක්ෂණ මගින් මෙම සිදුවීම අනාවරණය කරගැනීිමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම ඝාතනයට සතියකට පමණ පෙර මරණකාරියගේ පුතාට අයත් දේපළ සියල්ල ඇගේ නමට ලියා තිබුණා.

ඒ තමන් ඝාතනය කරන්නට සැලසුමක් ඇති බව මියගිය කාන්තාවගේ පුතාට හෙළිවීම සමඟයි.

සැකකාරිය තිස්හය හැවිරිදි දෙදරු මවක් වන අතර ඇගේ  සැමියා  නාට්‍ය කණ්ඩායම් සහ ප‍්‍රසිද්ධ රංගන ශිල්පීින් සඳහා විවේක ගැනීිමට ඉදිකර ඇති හෝටලයක් සතු ව්‍යාපාරිකයෙක් වනවා.

සිය සැමියාගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සිටියදී හඳුනාගත් නුවරඑළිය තුන්වන සිංහ බළකා කඳවුරේ සන්නද්ධ බුද්ධි බළකා පුහුණු පාසලේ කපිතාන්වරයෙක් සමග සැකකාරිය කලක පටන් අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර ඒ නිසා සැකකාරිය හා සැමියා අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇති බවත් දෙදෙනා වෙනවෙනම එකම ඉඩමේ නිවාස දෙකක ජීවත් වූ බවත් වාර්තා වනවා.

සැමියා සතු දේපළද අයත් කරගෙන අනියම් සැමියා සමග පවුල් ජීවිතයක් ගත කිරීමේ අදහසින් සැකකාරිය සැමියා ඝාතනය කරන්නට අනියම් සැමියා සමග සැලසුම් කර ඇති බවද ඒ සඳහා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා යොදාගෙන ඇති බවත් මේ වනවිට හෙළිවී තිබෙනවා.

පොලීිසිය පවසන පරිදි සැකකාරිය ඇගේ අනියම් සැමියා සමග එක්ව සිය නීත්‍යනුකුල සැමියා ඝාතනය කරන්නට සැලසුම් කර තිබෙන්නේ පසුගිය මැයි 18 වැනිදා නුගේගොඩ ප‍්‍රදේශයේ අවන්හලකදීයි.

එදින සැකකාරියගේ සැමියා වන ව්‍යාපාරිකයා හමුවීමට පැමිණි කපුමහතා වන ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයෙන් නුවරඑළියට කුලීි ගමනක් යාමට කතාකර තිබෙනවා.

ගමන යන අතරතුර නානුඔය ප‍්‍රදේශයේදී සැකකාර කපු මහතාට සහ හමුදා සෙබළාට දුරකථන ඇමැතුමක් ලැබී ඇති අතර තමන්ට වැසිකිළියකට යාමේ අවශ්‍යතාවයක් ඇති බැවින් වාහනය මදකට නවත්වන ලෙස රියැදුරුට දන්වා  වාහනය නවත්වන ලද අවස්ථාවේ රියැදුරුට නොපෙනෙන පරිදි සැකකරුවන් ආ වාහනය පිටුපසින් රහසිගතව ත‍්‍රිරෝද රථයකින් පැමිණි කපිතාන්වරයා යම් දියරයක් ලේන්සුවක තවරා සිය ගජ මිතුරු කපු මහතා සහ හමුදා සෙබළාගේ අතට ලබා දී සිහිය නැති කර වාහනයත් ව්‍යාපාරිකයාත් ගැඹුරු හෙළකට දමා ඝාතනය කිරීමේ සිය සැලසුම ක‍්‍රියාත්මක කරන්නට උපදෙස් ලබාදී තිබෙනවා.

එහෙත් රියැදුරු ලෙස සිටින ව්‍යාපාරිකයා තමන්ගේ මුහුණේ ලේන්සුවක් වදිනවාත් සමගම සැක සිතීි ධාවනය වන වාහනයේ දොර ඇරගෙන පැන ගැනීිමට තැත්කළ අවස්ථාවේ වාහනයේ දොර ඇරී තිිබියදී සැකකාර කපුවා තමන්ගෙ කකුලකින් අල්ලාගෙන සිටීම නිසා කාර් රථයෙන් තමන් ඉවතට සිටින ලෙස සිටිය බැවින් මුහුණට සහ හිසට බරපතළ තුවාල වී තිබියදීත් කෙසේ හෝ කාර් රථයෙන් පැනවිත් නානුඔය රෝහලට ගොස් ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පොලීිසියට ගොස් සිද්ධිය පවසා තිබුණා.

තමන් කුලී ගමනක් පැමිණි බවත් ඔවුන් තමාව කොල්ලකන්නට උත්සාහ කරන බවත් ව්‍යාපාරිකයා පොලීිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලීිසිය සමග සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන විට වාහනය එම ස්ථානයේම තිබූ බැවින් ඔහු ආපසු නිවසට පැමිණ ඇත.

මෙය සිය බිරිඳගේ සැලැස්මක් බවට සැකකර සිය දේපළ සියල්ල මවගේ නමට ලියන්නට ව්‍යාපාරිකයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ඉන් පසුව  ශිල්පින් දෙදෙනෙකු ලෙස වෙස්වලාගෙන මෙම කපිතාන්වරයා සහ සහ සොල්දාදුවා මෙම නිවසේ පිහිටි ලැගුම්හලේ නවාතැන් ගෙන තිබුණා.

සැකකාරිය විසින් ළමයින්  දෙදෙනාට පොත්ගන්නට ඇතැයි පවසමින් සිය සැමියාව බලහත්කාරයෙන්ම කැමති කරවාගත් සැකකාරිය සැමියා නුගේගොඩ පිහිටි පොත් සාප්පුවක් වෙත කැඳවාගෙනවිත් ඇත්තේ ඉන් පසුවයි.

ඒ අවස්ථාවේ කෝකිවරයෙක් පමණක් මෙම  නිවසේ පිහිටි ලැගුම්හලේ සිටි බවත්  දෙදෙනෙක් තමා හමුවීමට පැමිණියහොත් ඔවුන් නිවසට යොමුකරන ලෙසත් සැකකාරිය කෝකියාට පවසා ඇති බවත් ඒ අනුව පැමිණි දෙදෙනා නිවසට යොමුකළ කෝකියා හෝටලයට අවශ්‍ය බඩු වර්ග කිහිපයක් රැගෙන ඒම සඳහා එම ස්ථානයෙන් පිටවගොස් ඇති බවත් පොලීිසිය පවසනවා.

පොලීිසිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි හමුදා සෙබළා වතුර ටිකක් දෙන්නැයි කාන්තාවගෙන් ඉල්ලා  ඇති අතර වතුර ගේන්නට ගියඅතරේ ඇයගේ කට වසා තදකර තිබෙනවා.

සෙබළා සමග පොරබැදූ මරණකාරිය සිහිසුන්ව නිවසේ සාලය මැද තිබූ පුටුවක් මතට වැටීමත් සමග පුටුවේ තබූ කොට්ටයකින් මුහුණ තද කර ඝාතනය කර ඇති බවද පරීක්‍ෂණවලදී හෙළිකර ගත්බව පොලීිසිය පවසනවා.

මෙය ඝාතනයක් බව නොදත් සැකකාරියගේ සැමියා මව සිහි නැතිව හෘදයාබාධයක් සෑදී වැටී ඇතැයි සිතා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන යන  විටත් ඇය මිය ගොස් සිටි නිසා රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බවට හෙළි වී තිබුණා.

ඒ අනුව මෙම මරණයද සිය බිරිඳ විසින් සැලසුම් කරන්නට ඇතැයි සැකකළ ව්‍යාපාරිකයා ඒ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කර තිබුණේ.

වහාම ක‍්‍රියාත්මක වූ පොලීිසි මෙම ඝාතනය පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසු ව්‍යාපාරිකයාගේ බිරිඳ සැකකාරිය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම් හමුවේ සිදුකළ ප‍්‍රකාශයන්ට අනුව සැකකාර දේවාල කපුමහතා සහ යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඇති අතර කපිතාන්වරයා සොයා පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *