Corruption Gossip Latest News Politics Popular

අනුර කුමාර දිසානායකට අයර්ලන්තයේ නිවසක්!!! (Exclusive)

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බ්ලැක්රොක් හි සිඩ්නි පෙදෙසේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ නමින් තිබෙන නිශ්චල දේපලක් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවති.

2010 වසරේ සරත් ෆොන්සේකාව ජනපති කිරීමේ වෑයමෙදී ජවිපෙට ලැබුනු මුදල් කන්දරාව අනුර තම ගිණුම් වලට බැර කරගත් බවත් 2013 වසරේදී මිලට ගෙන ඇති මෙම නිවස එම මුදල්වල ප්‍රතිපලයක් බවත් තොරතුරු අනාවරනය වී තිබේ. වසරින් වැඩි කාලයක් වසා තැබෙන මෙම නිවස මසක් පමණ කාලයක් විවෘතව තබැන්නේ එක්සත් රාජධානියේ වෙසෙන අනුර කුමාරගේ කලින් පෙම්වතිය සහ ඇයගේ දරුවන්ගේ වාර්ෂික නිවාඩුව සඳහා බවත් අපගේ ආරංචි මාර්ග සනාථ කරයි.

පසුගිය රජය සමයේ රාජපක්ෂ වරුන්ට විදෙස් වත්කම් තිබෙන බවට ප්‍රභල හඬක් නැගූ අනුර කුමාර සහ එජාප ප්‍රභලයන් සමඟ ඔහු ගැසූ ඩීල් වල ප්‍රතිපලයක් ලෙස මිළදී ගත් මෙම නිවස පිළිබඳ වහා පරීක්ෂණ අරඹන ලෙසට අපි වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

මේ සමග තිබෙන්නේ එම දේපළට අදාල බදු ගෙවන ලෙස දන්වා බදු එකතු කිරීමේ ජනරාල් විසින් ඔහු වෙත එවූ ලිපියයි.

වාර්තාව – විශේෂ ඔත්තුකරුවෙකු මගින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *