Latest News Local News Technology Uncategorized

මල්පැණි බොන ඩෙංගු මදුරුවා කන අලුත්ම මදුරුවා මෙන්න.(VIDEO)

” මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න මල්පැණි බි බඹරු වගේ රෑට නිදන්න” මේ ගීතය කලකට ඉහටදී අප අතරින් සමුගත් ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා විසින් ගායනා කරන අවදියේ අප එයට සිනහාසි එම ගීතය රසවිඳද එම ගීතයේ කියූ මලපැණි බොන මදුරුවා අදවන විට යථාර්තයක් වී ඇත.

(Toxorhyn chites)ටොක්‌ සොරින් කයිටිස්‌ නමින් හඳුන්වන මෙම මදුරු විශේෂය ශාක යුෂ උරා බොන ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගන්නා මදුරු විශේෂයකි. කීට අවස්‌ථාවේදී ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගනු ලබන මදුරු අවස්‌ථාවේදී මල් පැණි සහ ශාක යුෂ උරා බොනු ලබයි.ස්‌ප්ලෙන්ඩන්ස්‌ (Splendens) සහ මිනිමස්‌ (Minimus) යනුවෙන් මෙම මදුරුවාගේ වර්ග දෙකක්‌ සිටියි.

පිරිසිදු ජලය සහිත ස්‌ථානවලයි බිත්තර දමන මෙම මදුරු විශේෂය පියඹා ගෙන යන අතරතුර බිත්තර දමනු ලබයි. මදුරුවා වරකට බිත්තර කොපමණ ප්‍රමාණයක්‌ දමනවාද කියා හරියටම කීමට නොහැකි උවත් වරකට දමන බිත්තර 10 ක්‌ 15 ක්‌ පමණ පිරිසිදු ජලයෙන් හමුවෙනවා. මෙම මදුරුවාගේ කීට අවස්‌ථාව පියවර හතර සහිත වන අතර  දිගු කාලයක්‌ පවතිනු ලබනවා. සීතල පරිසරයකදී නම් එය සති 5 ක්‌ පමණ වන අතර  උෂ්ණ පරිසරයකදී මෙම කාලය සති තුනත් හතරත් පමණ වෙනවා.එසේම මෙම මදුරුවාත් බිත්තර දමන්නේ ඩෙංගු මදුරුවන් බිත්තර දමන ස්‌ථානවලමයි එසේම මෙම එක්‌ මදුරුවකු තම ජීවන කාලය තුළ වාර හතරක්‌ පමණ බිත්තර දමනවා.

කළු දුඹුරු පැහැයෙන් යුක්‌ත මෙම ශාක භක්‌ෂක මදුරුවා හොඳින් වැදුණු පසු ශරීරය මිලිමීටර් 19 ක්‌ (19mm) විශාලත්වයෙන් යුක්‌ත වන අතර තටු විහිදා ගත් විට මිලිමීටර් 24 ක්‌ (24mm) පමණ විශාලයි වන අතර දැනට මෙම මදුරුවන් ජීවත් වන්නේ ගහකොළ සහිත ග්‍රාමීය පරිසරවලයි.මේ වනවිට මෙම මදුරුවන් හාරසියයක්‌ මහනුවර, කුණ්‌ඩසාලේ, මීරිගම, කණ්‌ඩලම වැනි ප්‍රදේශවලට ගෙන ගොස්‌ දමා තිබෙනවා එසේම ශාක භක්‌ෂක මෙම මදුරුවන්ගෙන් ගොයම් ගස්‌වලට හානියක්‌ නොමැත.

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් වසර එකහමාරකට පෙර පර්යේෂණ ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාත්මක කර ඉන් ලැබූ සාර්ථකත්වය අනුව මෙම මදුරු විශේෂය ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදාගතහැකි බව සොයාගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *