Business Corruption Gossip Latest News Politics

බැදුම්කර හොර කැරැල්ල – ජනයුගය ලෙස කල එළි බසී! (Exclusive)

අද(22) දින දිවයිනම ආවරණය වන පරිදි අලවා තිබූ පෝස්ටරයක් සම්බන්ධයෙන් රට තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ. මෙම පෝස්ටරයේ සඳහන්ව තිබෙන්නේ නව යුගයක් වෙනුවෙන් ජන කැරැල්ල ලෙසයි. මේ පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් අතර නොයකුත් මතවාද ඇතිව තිබෙන අතර ඇතැමුන් මෙය නව දේශපාලනවාදී කැරැල්ලක පෙරනිමිති බවද අදහස් පළකොට තිබේ.

අතීත භීෂණකාරී කැරලි වලට මුහුණ දී තිබෙන වැඩිහිටියෝ රටේ අභාග්‍ය සම්පන්න කාල වකවානුවක් නැවතත් එළඹෙමින් පවතින බව පවසමින් භීතියට පත්ව තිබෙන බවද සඳහන් වේ. කෙසේ වෙතත් නිවැරදි වාර්තාකරණය තුළින් සමාජය තුළ පවතින මිත්‍යා විශ්වාස දුරු කිරීමට කටයුතු කරන gossip2020 අප විසින් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අනාවරණය වූයේ, මෙය හුදෙක්ම රට නැවතත් භීෂණකාරී තත්ත්වයට ගෙනයාමේ ප්‍රයත්නයක් නොවන බවයි.

මෙය ලංකාවේ පෞද්ගලික සමාගමක් විසින් නුදුරු දිනයේදී ආරම්භ කිරීමට නියමිත මාධ්‍ය ජාලයකට අයත් එක් පුවත්පතක් වෙනුවෙන් කෙරෙන ප්‍රචාරණ කටයුත්තක් බවද අප විසින් හෙළි කරගත්තෙමු. මෙම පෞද්ගලික සමාගම අන් කවරක්වත් නොව මෑතකදී රට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පර්චුවල් ටෙෂරීස් සමාගමයි. මෙවැනි පාඨයක් යොදාගනිමින් ඔවුන් විසින් ආරම්භ කිරීමට නියමිත පුවත්පතක් වෙනුවෙන් මෙම ප්‍රචාරණය ගෙනයනු ලබන අතර එම පුවත්පතේ නම ‘ජනයුගය’ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව තහවුරු කරගැනීමට අපට හැකිව තිබේ. ඒ වෙනුවෙන් වන අන්තර්ජාල කේතයන් හා ලියාපදිංචි කිරීම් Intergrated Media Network (Pvt) Ltd නැමති සමාගමට ලබාගෙන තිබේ.

දැනට මෙම පුවත්පතේ කාර්‍යමණ්ඩලය රැදී සිටින ස්ථානය  වනුයේ නොම්බර 10, කොළඹ 03  යන ලිපිනයේ එනම් ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ මූලස්ථානය අසල පිහිටා ඇති කලු පැහැති තෙමහල් ගොඩනැගිල්ල වන අතර නුදුරේදීම මෙම පුවත්පත වොක්ෂෝල් වීදියේ ගොඩනැගිල්ලකට ගෙන යාමට නියමිතය. දනට ඔවුන්ට අයත් මැතකදී මිලදී ගත් වෙබ් අඩෙවි සහ ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරු රැදී සිටින්නේද මෙම ගොඩනැගිල්ලේය.

 

කොළඹ නගරය පුරා අලවා තිබුන පෝස්ටරය

 

පුවත්පතේ නමට අදාළව වෙබ් අඩෙවි නාමය මිලට ගත් බවට වූ සාක්ෂිය

පුවත්පතට මාධ්‍යවේදීන් බඳවා ගන්නා බවට සඳහන් රැකියා  දැන්වීම

 

දැනට මෙම පුවත්පතේ කාර්‍යමණ්ඩලය රැදී සිටින ස්ථානය – නොම්බර 10, කොළඹ 03
(ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ මූලස්ථානය අසල පිහිටා ඇති කලු පැහැති තෙමහල් ගොඩනැගිල්ල )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *