Latest News Local News Uncategorized

කෝටියක මැණිකක් සමග රට පනින්න හැදු පුද්ගලයා හසුවෙයි

කැරට් පහක බරින් යුතු රූබි වර්ගයේ රතු මැණික් ගලක් සමග පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.තම අත්බෑගයේ කුඩා පොකට්ටුවක් තුල මෙම මණික සඟවා තිබු අතර අබුඩාබියට මෙය රැගෙනයාමට සැලසුම් කර තිබු බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසනවා.

සැකකරු 33 හැවිරිදි කොළඹ පදිංචිකරුවෙක් වන අතර එටීහාඩ් ගුවන් සේවයේ ඊ .වයි 267 දරණ ගුවන් යානයෙන් ඔහු අඩුඩාබි බලා යාමට  ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා.

මෙම මැණික් විශේෂය ඉතා දුර්ලබ වටිනා මැණික් විශේෂයක් බව ගුවන් තොටුපළ නියොජ්‍ය  රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *