Entertainment

අජාසත්ත වූ ගායකයා – කසුන් කල්හාර (Exclusive)

 

ප්‍රවීන සංගීතවේදී H.M ජයවර්ධණයන් ආදායම් මාර්ග අවහිර වීම නිසා ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටින බව අපට වාර්තා වෙනවා. ඒ මහතා බරපතළ වකුගඩු රෝගයකින්ද පෙළෙන බව අනාවරණය වී ඇත. කුළී නිවසක ජීවත් වෙමින් බොහෝ අගහිඟකම් මැද ජීවත් වන ඒ මහතා සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ වගකිව යුත්තෙකුගේ උදව් බලාපොරොත්තු වේ.

ඔහු ප්‍රවීන ගායන ශිල්පිනි නැසීගිය මාලණි බුළත්සිංහලයන්ගෙ සැමියා වන අතර ප්‍රවීන රංගන ශිල්පි හා සාහිත්‍යධර ලූෂන් බුලත්සිංහලගෙ මස්සිනා ද වේ. ඒ සියල්ලටම වඩා ඔහු නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන කසුන් කල්හාරගේ පියාය.

ගුණදාස කපුගෙ ශූරීන්ගෙ , මාළනි බුළත්සිංහලයන්ගේ බොහෝ ගීත වලට තනු නිර්මාණය කල ඒ මහතා ගී තනු නිර්මාණ ක්ෂේත්‍රයේ මෙරට සිටි දක්ෂතම නිර්මාණකරුවෙකි.

ඔහුගෙ පුත්‍රයා වන කසුන් කල්හාර වර්තමානයේ ශ්‍රී ලංකාවෙ වැඩියෙන්ම ආදායම් ලබන ගායකයෙකු මෙන්ම සංගීත්ඥයෙකුද වේ. කසුන් කල්හාර සංගීත ක්ෂේත්‍රයට ඇතුලු වුයේද සිය මවගෙන් හා පියාගෙන් ලද ආභාෂයෙන්ය. නමුත් සිය පියාගේ මෙම අසරණභාවය ගැන සලකා ජීවිතයේ සැදෑ සමයේදී ඔහුට අවශ්‍ය පහසුකම් සලසාදීමට තරම් කසුන්ගේ පපුව උණු නොවීම ඔහු කලාකරුවෙකු නොව වෙලෙන්දෙකු බව සනාථ කරයි.

ජිවිතයේ කුඩා අවධියේදී පියා අතින් තමන්ට යම් අඩුපාඩුවක් වුයේ නම් එවා අමතක කර ඔහුව රැකබලා ගන්නා ලෙස අප කසුන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමු.

පුත්‍රයා විසින් සිය පියා අතහැර දැමූවද රටකට කළාකරුවෙකු අතහැර දැමිය නොහැක. එම නිසා ඒ මහතා පිළිබඳව රජයේ අවධානය යොමුවන්නේ නම් එය යහපත් බව අප විශ්වාස කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *